Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙසින් ඉසුර දේවප්‍රිය මහතා වැඩභාරගනී.

ජාතික පාරිසරික පනත යටතේ 1981 වර්ෂයේදී පිහිටුවන ලද මධ්‍යම පරිසර අධිකාරියේ 19 වන සභාපතිවරයා වශයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා 2019/06/21 දින පෙරවරුවේ සුබ මොහොතින් බත්තරමුල්ලේ  පිහිටි ආයතන පරිශ්‍රයේදී වැඩභාර ගන්නා ලදී. ආගමානුකූලව සෙත්පිරිත් සඡ්ජායනයෙන් අනතුරුව ආයතන පරිශ්‍රයේ පැළයක් රෝපණය කරමින් හිතවතුන් රාශියකගේ සුබ පැතුම් මධ්‍යයේ  සිය රාජකාරි ඇරඹීම සිදුවිය.


ඉන් අනතුරුව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් සංවිධානය කරන ලද කෙටි පිළිගැනීමේ උත්සවයේදී අදහස් දක්වමින් නව සභාපතිවරයා සඳහන් කර සිටියේ පරිසරය පිළිබඳව විවිධ ආයතනයන්හි සේවය කරමින්, මනා වූ අවබෝධයක් ලැබීමට තමන්ට හැකි වු බවත්, එම දැනුම පදනම් කරගනිමින් මධ්‍යම පරිසර අධිකාරියේ උගත් බුද්ධිමත් නිලධාරීන් සමඟ මේ රට වෙනුවෙන් තමන්ට කළ හැකි උපරීම සේවාව සැලසීමට කටයුතු කරන බවත්ය. අතිගරු ජනාධිපතිතුමන් පරිසර විෂය භාර අමාත්‍යතුමන් ලෙසින් තමන් වෙත තැබූ විශ්වාසය කිසි ලෙසකින්වත් පලුදු කිරිමට තමන් කටයුතු නොකරන බවත්, පවතින නීතී පද්ධතියට ගරු කරමින් එම සීමාවන් තුළ කටයුතු කළ හැකි උපරීම ආකාරයෙන් කටයුතු කිරිමට තමන්  ක්‍රියාත්මක වන බවත් පැවසීය.


මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ, ඉසුර දේවප්‍රිය මහතා වැනි කාර්යශූර තරුණ නායකයෙක් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමන් ලෙසින් පත්කරමින් අතිගරු ජනාධිපතිතුමන් ඉතා බුද්ධිමත් තීරණයක් ගෙන ඇති බවයි. ආයතනයේ සියළුම නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය නව සභාපතිතුමන්ට ලබාදෙමින් පරිසර කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා කටයුතු කරන බැව් හෙතෙම වැඩිදුරටත් පැවසීය. අභිනව සභාපති ඉසුර දේවප්‍රිය මැතිතුමන්ට සුබ පැතීම සඳහා දේශපාලන හිතවතුන් නිලධාරීන් සමඟ පවුලේ ඥාතීන් විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ. මීට අමතරව පැමිණ සිටි සියළු දෙනා හට පැළ බෙදා දීමක්ද සිදු කෙරිණ.

 

newchair1newchair12newchair14newchair16newchair167

Monday, 24 June 2019 04:55 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
බාලදක්ෂිකාවන් සඳහා වූ දැනුවත් කිරිමේ වැඩමුළුව බාලදක්ෂිකාවන්ගේ “මිහිතලය සුරකින්නිය” පදක්කම අරමුණු... තවදුරටත් කියවන්න
පරිසර නියමුවන්ගේ ඉන්දීය සංචාරය - 2019 පරිසර නියමු ජාතික වැඩසටහනේ 5 වන පදක්කම වන ජනාධිපති පදක්කම... තවදුරටත් කියවන්න