Tamil-SriLankaEnglish (UK)

පාසල් පුස්තකාල සඳහා පාරිසරික පොත්පත් ප්‍රදානය කිරීමේ වැඩසටහන

මධ්‍යම පරිසර අධිකාරියේ, ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය මඟින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් පුස්තකාල තුළ පරිසර අංශයක් ඇති කිරීමේ වැඩපිළිවෙල යටතේ 2019 වර්ෂයේ පාසල් පුස්තකාල වල පාරිසරික පොත්පත් ලබාදීම සිදුකරනු ලබයි.
මෙහිදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පරිසර නියමු වැඩසටහන හොඳින් ක්‍රියාත්මක කරන පාසලක් වන කුලි/ මඟුලාගම මහා විද්‍යාලය 2019 වසරේ වැඩසටහන සඳහා තෝරාගන්නා ලදි. එම විද්‍යාලයේ පුස්තකාලයට පොත් හා කබඩ් පිරිනැමීමේ වැඩසටහන 2019.05.09 දින එම විද්‍යාලයීය පරිශ්‍රයේදී පවත්වන ලදි.
ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා, චන්ද්‍රිකා දාබරේ මහත්මිය හා වයඹ පාළාත් කාර්යාලයේ අධ්‍යක්ෂිකා ගීතාංජලී සෙනෙවිරත්න මියගේ ප්‍රධානත්වයෙන් මෙම පොත්පත් ප්‍රදානය සිදුකරන ලද අතර කුලි/ මඟුලාගම විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරුමණ්ඩලය හා සිසු දරුදැරියන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

DSCN8291DSCN8311DSCN8328DSCN8329DSCN8345

Tuesday, 21 May 2019 09:52 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක පරිසර දින සැමරුම - 2019 වව්නියා දිස්ත්‍රික්කය මධ්‍යම පරිසර අධිකාරියේ වව්නියා දිස්ත්‍රික් කාර්යාලයේ... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2019 - කිලිනොච්චි දිස්ත්‍රික්කය මධ්‍යම පරිසර අධිකාරියේ කිලිනොච්චි කාර්යාලය මගින් 2019 ලෝක... තවදුරටත් කියවන්න