Tamil-SriLankaEnglish (UK)

කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධ වැඩමුළුව.

කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධව ආර්ථික සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩමුළුවක් අප්‍රේල් 25 වන දින මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විය. කොළඹ, කඩුවෙල, හෝමාගම, සීතාවක, කොළොන්නාව, දොම්පේ, බියගම, වත්තල හා කැළණිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නිලධාරීන් හා මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන් මෙම වැඩමුළුවට සහභාගී වූහ.


මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සඳහා IUCN, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන මණ්ඩලය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මෙම අවස්ථාවට සහභාගී විය. මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වීය.


කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධයෙන් ආර්ථීක සංවර්ධන නිලධාරීන්ගේ දැනුම වඩා වර්ධනය කිරිම හා ගංගා ජලයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරිමට අදාළ වූ ක්‍රියාමාර්ග පිලිබඳව දැනුවත් කිරිම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු විය.

IMG 8017IMG 8045IMG 8051IMG 8075IMG 8084

Tuesday, 30 April 2019 07:17 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ලෝක පරිසර දින සැමරුම - 2019 වව්නියා දිස්ත්‍රික්කය මධ්‍යම පරිසර අධිකාරියේ වව්නියා දිස්ත්‍රික් කාර්යාලයේ... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2019 - කිලිනොච්චි දිස්ත්‍රික්කය මධ්‍යම පරිසර අධිකාරියේ කිලිනොච්චි කාර්යාලය මගින් 2019 ලෝක... තවදුරටත් කියවන්න