Tamil-SriLankaEnglish (UK)

ජනාධිපති පරිසර සම්මාන - 2019 දැනුම හා අත්දැකිම් හුවමාරු වැඩසටහහන (ආහාරපාන නිෂ්පාදන හා රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය)

මධ්‍යම අධිකාරියේ පරිසර දුෂණ පාලන ඒකකය විසින් ආහාරපාන නිෂ්පාදන හා රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා දැනුම හා අත්දැකීම් හුවමාරු කිරිමේ වැඩසටහනක් මාර්තු මස 25 හා 27 යන දෙදින පුරා පරිසර අධිකාරියේ ශ්‍රවනාගාරයේ දී පැවැත්වීය.

2018 වසරේ ආහාරපාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලෝකඩ සම්මානය දිනාගත් දෙහිවල, අත්තිඩිය, ස්මිත්ක්ලයින් බීකම් (පුද්.) සමාගම විසින් ඔවුන් විසින් සිදුකරනු ලබන පරිසර හිතකාමී තාක්ෂණය, සාමාජිය ක්‍රියාකාරකම් හා අනෙකුත් වැඩසටහන් පිළිබඳව විස්තර කරන ලදී. මේ සඳහා ආහාරපාන නිෂ්පාදන කර්මාන්තය හා සම්බන්ධ නිලධාරින් 30 ක් පමණ සහභාගී විය. එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු - පරිසර, සෞඛ්‍ය හා ආරක්ෂණ, අසංක පලමකුඹුර මහතා, සහකාර කළමනාකරු කසුන් විජේසේකර මහතා හා සහකාර කළමනාකරු සමාධි සිල්වා මහත්මිය, විසින් තම ආයතනය මෙම සම්මානය දිනාගැනීමේ දී අරමුණු සාධනය කරගත් ආකාරය ඉදිරිපත් කරන ලදී.


මාර්තු මස 27 වන දින, 2018 වර්ෂයේ රබර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ රිදී සම්මානය දිනාගත් කැම්සෝ ලෝර්ඩ්ස්ටාර් ආයතනය ඔවුන්ගේ හරිත වැඩපිළිවෙල සාධනය කරගැනීම සඳහා කණ්ඩායමක් වශයෙන් ආයතනයේ සියළුදෙනා එක්ව සිදුකළාවු ක්‍රියාකාරකම් පිළිබඳව අදහස් හා තොරතුරු ඉදිරිපත් කරන ලදී. මෙම කාර්ය සිදුකරන ලද්දේ, එම ආයතනයේ කළමනාකරු - පරිසර, සෞඛ්‍ය හා ආරක්ෂණ, සමන් චතුරංග මහතා විසිනි.


මෙම වැඩසටහනේ සාකච්ජා වාරය සඳහා පරිසර දූෂණ පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ. එච්. මුතුකුඩආරච්චි මහතා හා එම ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය ආර්. එම්. එස්. කේ. රත්නායක මහතා සහභාගී විය.

IMG 6768IMG 6775IMG 6779

Friday, 29 March 2019 09:01 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ලෝක තෙත් බිම් දින සැමරුම මොනරාගල දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ... තවදුරටත් කියවන්න
ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය   ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධ වැඩමුළුව. කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධව ආර්ථික... තවදුරටත් කියවන්න