Tamil-SriLankaEnglish (UK)

හෝකන්දර පොලිතීන් නිෂ්පාදන ආයතනයකින් තහනම් ආහාර ඇසුරුම් තොගයක් අත්අඩංගුවට ගනී......

පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන් නිෂ්පාදන කීපයක් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 01 වනදා පටන් තහනමට ලක් කළ අතර, මේ වන විට පරිසර හිතකාමී නිෂ්පාදන වෙළෙඳපොලවල් කරා පැමිණෙමින් පවතී. එසේ වුවත් කූට ව්‍යාපාරික පන්තියක් විසින් වැඩි ලාභ අපේක්ෂාවෙන් තවදුරටත් මෙම තහනම් පොලිතීන් වර්ග නිෂ්පාදනය කරමින් අලෙවි කිරීමට කටයුතු කරන අවස්ථා ද වාර්තා වෙමින් පවතී. මධ්‍යම පරිසර අධිකාරියත්, පාරිභෝගික සේවා අධිකාරියත් සමග පරිසර පොලිස් ඒකකය ඒකාබද්ධව තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන්නන්, බෙදාහරින්නන් සහ අලෙවිකරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කටයුතු කරනු ලබයි.

මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 2019 මාර්තු 14 දින ක්‍රියාත්මක වූ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් හෝකන්දර පොලිස් බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද තහනම් ආහාර දවටන (Lunch Sheet) නිෂ්පාදනය කරන කර්මාන්තායතනයක වැටලීම් සිදුකරන ලදී. එම ආයතනය අඩු ඝනත්වයකින් යුත් පොලිඑතිලින් (LDPE), වැඩි ඝනත්වයෙන් යුත් පොලිඑතිලින් (HDPE) හා කැල්සියම් යන තහනම් කරන ලද නිෂ්පාදනයන් යොදාගනිමින් ආහාර දවටන නිෂ්පාදනය කරනු ලබන බව අනාවරණය වී ඇත.

මෙම නිෂ්පාදනයන් සිදුකිරීමේ දී පරිසර ආරක්ෂණ බලපත්‍රය හෝ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය හෝ ව්‍යාපාර බලපත්‍රය ලබාගෙන නොමැති බව ද අනාවරණය විය. තවද තහනම් පොලිතීන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන උපකරණ සහ අමුද්‍රව්‍ය ද එම ස්ථානයේ සිදුකරන ලද වැටලීමේ දී සොයා ගන්නා ලදී.
එමෙන්ම පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් වල දී සනාත වූයේ එම ආයතනය විසින් කොළඹ කොටුව ආශ්‍රිතව මෙම නිෂ්පාදනයන් අලෙවි කරනු ලබන බවයි. රුපියල් ලක්ෂ 20ක පමණ වටිනාකමකින් යුක්ත වූ මෙම තහනම් පොලිතීන් නිෂ්පාදන සියල්ලම පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අතර අදාළ කර්මාන්තකරු කඩුවෙල මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලදී.
මෙවැනි තහනම් පොලිතීන් නිෂ්පාදන ආයතනය මෙන්ම අලෙවිකරන්නන්ට එරෙහිව නීතී මගින් කටයුතු කිරීම සඳහා පුළුල් ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බැව් මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කර සිටී.

IMG 5930IMG 5934IMG 5937

Tuesday, 19 March 2019 07:59 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ලෝක තෙත් බිම් දින සැමරුම මොනරාගල දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ... තවදුරටත් කියවන්න
ලෝක තෙත් බිම් දින සැමරුම - මන්නාරම් දිස්ත්‍රික්කය ලෝක තෙත් බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - මුලතිව් දිස්ත්‍රික්කය ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දිනය 2019 - වව්නියා දිස්ත්‍රික්කය   ලෝක තෙත්බිම් දිනය නිමිති කරගනිමින් මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධ වැඩමුළුව. කැළණි ගංගා ද්‍රෝණිය සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධව ආර්ථික... තවදුරටත් කියවන්න