Tamil-SriLankaEnglish (UK)

ලෝක හරිත දින සැමරුම - 2018 රුක් රෝපණ වැඩසටහන

ජුනි මස 08 වන දිනට යෙදී ඇති ලෝක හරිත දින සැමරුම මෙන්ම එදිනට යෙදී ඇති ලෝක සාගර දිනය යන පරිසරය හා සමගාමී දිනයන්ට අදාළ වන පරිදි මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඵලදායී පාරිසරික ක්‍රියාකාරකම් ජුනි මාසය තුළ සමස්ත දිවයිනම ආවරණය වන අයුරින් ක්‍රියාත්මක කරමින් පවතී. ඒ යටතේ ජුනි 8 වන දින පෙරවරුවේ රුක් රෝපණ වැඩසටහනක්, බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතට සම්බන්ධ වන, අකුරේගොඩ පාර දෙසට ඉදිකරන ලද, නව මාවත දෙපස ක්‍රියාත්මක කරන ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ හා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන යටතේ මාවත දෙපස නා පැළ, කුඹුක් හා මී පැළ රෝපණය කිරීමට කටයුතු කරන ලදී.


මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, මාර්ස් ක්‍රීඩා ආයතනය යන රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි දායකත්වය ලැබුණු අතර මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විශාල පිරිසක් ද ඊට සහභාගී වූහ.


මෙම රුක් රෝපණ වැඩසටහනේදී අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා මාර්ස් ක්‍රීඩා ආයතනය වලට ස්තුතිය පිරිනැමූ අතර මෙම සුවිශේෂි වැඩසටහන අගය කරන ලදී.

IMG 6598IMG 6608IMG 6614IMG 6644IMG 6671

IMG 6662

Tuesday, 26 June 2018 05:15 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

katupol11

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න
පීපල්ස් පාර්ක් හී තහනම් පොලීතීන් වැටලීම් අඛණ්ඩව මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර පොලිස් ඒකකය එක්ව පීපල්ස්... තවදුරටත් කියවන්න
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න
ලෝක හරිත දින සැමරුම - 2018 රුක් රෝපණ වැඩසටහන ජුනි මස 08 වන දිනට යෙදී ඇති ලෝක හරිත දින සැමරුම මෙන්ම... තවදුරටත් කියවන්න