Tamil-SriLankaEnglish (UK)

මධ්‍යම පරිසර අධිකාරියේ අභිනව බුදු මැඳුර උත්සවාකාරයෙන් විවෘත කෙරේ.

බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ, අංක 104 හි පිහිටි “පරිසර පියස” වන මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී ඉදිකරන ලද, අභිනව බුදුමැඳුර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ හා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ මැයි මස 28 වනදා උදෑසන විවෘත කරන ලදී.


සිවිල් ආරක්ෂක සේවා නිලධාරීන්ගේ පූර්ණ සහයෝගයෙන් ඉතා කඩිනමින් හා අලංකාරවත් අයුරින් එහි සියළු කටයුතු නිමාකර තිබූ අතර, මඟුල් බෙර වාදන මධ්‍යයේ අභිනව බුදු මැදුර  වෙත මල් පහන් පූජා පවත්වමින් චන්ද්‍රරත්න පල්ලේගම මහතා විසින් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කරන ලදී.  කොරාඹේ ශ්‍රී විජය සුමනාරාමයේ,  ගරුතර මහා සංඝරත්නය විසින් මෙහිදී සෙත් පිරිත් සඡ්ඡායනා  කරන ලදී. ඉන් අනතුරුව උදෑසන දානමය පුණ්‍ය කර්මය ආයතන පරිශ්‍රයේදී සිදුකළ අතර, ආයතනයේ සියළුම සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ ධර්ම දේශනාව  ශාස්ත්‍රපති, පූජ්‍යපාද කොස්වත්තේ ආරියවිමල හිමිපාණන් විසින් පවත්වන ලද්දේ ඉන් පසුවයි.


ආයතනයේ සියළුම සේවක සේවිකාවන් ඉතා උනන්දුවෙන් අළුයම් කාලයේ සිට මෙම පුන්‍යකර්මය සඳහා සහභාගී වු අතර, මෙම අවස්ථාවට  ගරුතර මහා සංඝරත්නය සමඟ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ, මෙහෙයුම් අධ්‍යක්ෂ, කපිතාන් කපිල උබේසේකර මහතා ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

IMG 6133IMG 6173IMG 6190IMG 6295IMG 6325IMG 633125532672 n

Wednesday, 30 May 2018 06:45 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
තහනම් පොලිතීන් නිෂ්පාදකයින් වැටලීම් දිගටම තහනම් පොලිතීන් නිෂ්පාදන හා බෙදා හැරීම,ගබඩා කිරීම හා අලෙවි... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් දකුණු පළාත් පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මානව... තවදුරටත් කියවන්න
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න
පීපල්ස් පාර්ක් හී තහනම් පොලීතීන් වැටලීම් අඛණ්ඩව මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර පොලිස් ඒකකය එක්ව පීපල්ස්... තවදුරටත් කියවන්න
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න