Tamil-SriLankaEnglish (UK)

හොරණ, එස්. ඇන්ඩ් සී. ලේටෙක්ස් කර්මාන්ත ශාලාවේ සිදු වූ ඛේදවාචකය නිසි ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැරීමෙන් සිදුවූවක්.

පසුගිය අප්‍රේල් 19 දා හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ පිහිටි ක්‍රේප් රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සිදුවු පුද්ගලයින් 5 දෙනෙකු මිය යාම හා සම්බන්ධ ඛේදවාචකය පිළිබඳව මධ්‍යම පරිසර අධීකාරියේ නිලධාරීන් විසින් වහාම ක්‍රියාත්මක වි ක්ෂේත්‍ර පරික්ෂණයක් සිදුකරන ලදී. එම ආයතනයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිතුක් කර ඇති අතර, එය 2017/11/11 දින පටන් 2018/11/10 දින දක්වා වලංගු බලපත්‍රයකි. ව්‍යවසා‍යකයෙකු වශයෙන් කර්මාන්තායතනයක් පාරිසරික තත්ත්ව හා උපමාන වලට අනුව පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව අදාළ උපදෙස් හා කොන්දේසී ලබාදීම එමගින් සිදුවේ.

පසුගියදා සිදුවූ අවාසනාවන්ත සිදුවීම සඳහා සෘජූ වශයෙන් හේතුපාදක වී ඇත්තේ කර්මාන්ත ශාලාවේ ආරක්ෂිත වැඩපිළිවෙල සම්බන්ධයෙන් ක්‍රමවත් අවධානයක් නොදැක්වීමයි. රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ක්‍රියාත්මක කරන කර්මාන්ත ක්‍රියාවලියන්හිදි සේවක ආරක්ෂාව මෙන්ම අදාළ කර්මාන්ත ක්‍රියාවලියේ දිගුකාලීන පැවැත්ම සඳහා දෛනික නඩත්තු කටයුතු පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු වුවත් හොරණ කර්මාන්තශාලාවේ එවැනි නඩත්තු කටයුතුවලදී කිසිදු ආරක්ෂිත වැඩපිළීවෙලක් අනුගමනය නොකිරීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගත වී ඇති බැව් මේ වන විට අනාවරණය වී ඇත.

කර්මාන්ත ශාලාවේ පැවැති අභ්‍යන්තර ටැංකිවල පැවැති ජල සාම්පල් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලබාගෙන ඇති අතර, පාරිසරික ප්‍රමිති හා උපමාන ඉක්මවා කටයුතු කර තිබේද? යන්න පිළිබඳව ඉතා පුළුල් වශයෙන් රසායනාගාර පර්යේෂණ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතී. ඊට අමතරව ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන අනුව මෙවැනි හදිසි සිදුවීමක දී අපද්‍රව්‍ය ග්‍රහණය කරනු ලබන පරිසරයේ ඇති වු වෙනස්කම් හේතුකොටගෙන මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කර ඇති පාරිසරික ආරක්ෂණ බලපත්‍රය වහාම අත්හිටුවීමට කටයුතු කර ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරනු ලබන පරිසර ආරක්ෂණ බලපත්‍ර කොන්දේසී නිසි පරිදි අනුගමනය කිරීමටත්, ඒ ඒ කර්මාන්ත ක්‍රියාවලීන් තුළ කටයුතු කරන සේවක පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අවධානයකින් කටයුතු කිරීමටත් සියලුම කරුමාන්තකරුවන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව මෙවැනි අවසනාවන්ත සිදුවීම් මඟින් තවදුරටත් තහවුරු වේ. කර්මාන්තකරුවන්, තම කර්මාන්ත ආයතන ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව කටයුතු කිරීමට අමතරව සේවක ආරක්ෂාව, කර්මාන්තවල දෛනික නඩත්තුව මෙන් ම හදිසි අවස්ථාවක දි ක්‍රියාත්මක විය යුතු ආකාරය වැනි කරුණු පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කර ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සියලු කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලා සිටි. එමඟින් මෙවැනි තත්ත්වයන් සාර්ථකව මඟහරවා ගැනීමට කටයුතු කළ හැකි වනු ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය මඟින් පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගන්නා සියලූම කර්මාන්තකරුවන් අදාළ කොන්දේසී පිළිබඳවත්, තම තමන්ගේ කර්මාන්ත ක්‍රියාවලීන් පවත්වා ගනිමින් , සේවක ආරක්ෂාවට මුල්තැන දෙමින්, පරිසරයත් කර්මාන්තයත් සුරැකෙන පරිදි කටයුතු කිරීම කෙරෙහි මෙහිදි තවදුරටත් අවධාරණය කරන අතර, ඒ පිළිබඳ ශක්තිමත් පසුවිපරම් වැඩපිළිවෙලක් ඉදිරියේදී මධ්‍යම පරිසර අධිකාරිය සහ අදාළ අනෙකුත් ආයතන මඟින් ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසීය.

Wednesday, 30 May 2018 06:16 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
තහනම් පොලිතීන් නිෂ්පාදකයින් වැටලීම් දිගටම තහනම් පොලිතීන් නිෂ්පාදන හා බෙදා හැරීම,ගබඩා කිරීම හා අලෙවි... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් දකුණු පළාත් පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මානව... තවදුරටත් කියවන්න
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න
පීපල්ස් පාර්ක් හී තහනම් පොලීතීන් වැටලීම් අඛණ්ඩව මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර පොලිස් ඒකකය එක්ව පීපල්ස්... තවදුරටත් කියවන්න
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න