Tamil-SriLankaEnglish (UK)

තහනම් පොලිතීන් නිෂ්පාදන වැටලීම් අඛණ්ඩව වරදකරුවන් නීතියේ රැහැනට ...........

පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ කරන ලද හදිසි වැටලීමකින් තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට මධ්‍යම පරිසර අධීකාරිය හා පරිසර පොලිස් ඒකකය සමත් වූහ.

ජනතාවගෙන් ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් ඉකුත් 22 වන දින රාත්‍රියේ මෙම හදිසි වැටලීම සිදුකල අතර, මේ වන විට නීතියෙන් තහනම් කර ඇති හානිදායක පොලිතීන් නිෂ්පාදනය කරමින් සිටින අවස්ථාවේදීම ඔවුන් නීතීයේ රැහැනට හසු කරගත හැකි විය.
ඒ අවස්ථාවේදීම අදාළ සාම්පල්, රසායනික පරික්ෂණයකට ලක්කළ අතර, එහිදි අනාවරණය වී ඇත්තේ, ජෛව හායනයට ලක් නොවන හෙවත් දිරාපත් නොවන පොලිතීන් නිෂ්පාදනය කරන බවයි. ඒ අනුව එම පොලිතීන් සාම්පල් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර, මධ්‍යම පරිසර අධිකාරිය විසින් කර්මාන්තකරුට එරෙහිව නීතීමය පියවර ගැනීමට කටයුතු කෙරේ.
තහනම් පොලිතීන් නිෂ්පාදනය, අලෙවිය හා ගබඩා කිරීම පිළිබඳව දිවා රාත්‍රී දෙකෙහිම වැටලීම් කරමින් වැරදිකරුවන් හට දඩුවම් ලබාදීමට මධ්‍යම පරිසර අධිකාරිය අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.
රජය විසින් ගනු ලැබු තීරණයකට අනුව, 2017 සැප්තැම්බර් 01 දින සිට අතිවිශේෂ ගැසට් නිවේදනයේ ප්‍රකාරව සියළුම ආකාරයේ පොලිඑතලීන්, පොලිප්‍රොපලීන් හා ඒවා ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් ආනයනය, නිෂ්පාදනය හා භාවිතය තහනමට ලක්කෙරුණු අතර, සහන කාලයෙන් අනතුරුව මේ වන විට එම නිතීය ක්‍රියාත්මක කෙරේ.

නිතීය නොතකා සිදුකෙරෙන තහනම් පොලිතීන් නිෂ්පාදනයන් ආනයනය, නිෂ්පාදනය  ගබඩා කිරීම් හා භාවිතය සම්බන්ධයෙන් අදාළ විමර්ශන හා  හදිසි වැටලීම් සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් කටයුතු යොදා ඇති අතර, එහි ප්‍රථම විමර්ශන හා වැටලීම් 2018/01/03 දින පිටකොටුව වේල්ල වීදීය, පිපල්ස් පාර්ක් වෙළඳ සංකිර්ණය, අවට ප්‍රදේශ වලින් ආරම්භ වු අතර,  දිවයින පුරා වැටලීම් සිදුකිරීමට ක්‍රියාකාරී සැලැස්මක් සකසා ඇත. වැටලීම් දිගින් දිගටම සිදුකෙරේ.

Monday, 26 March 2018 10:22 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

g-gif-update

greenbanner2018-sin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
තහනම් පොලිතීන් නිෂ්පාදකයින් වැටලීම් දිගටම තහනම් පොලිතීන් නිෂ්පාදන හා බෙදා හැරීම,ගබඩා කිරීම හා අලෙවි... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් දකුණු පළාත් පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මානව... තවදුරටත් කියවන්න
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න
පරිසර බක්මහ උළෙල - 2018 මධ්‍යම පරිසර අධිකාරියේ සභහපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරියේ, උතුරු පළාත් කාර්යාලය නව නිවහනකට........... රාජ්‍ය ආයතන මගින් ජනතාවට ලබාදෙන්නා වූ සේවාවන් වඩාත්... තවදුරටත් කියවන්න
තිරසර සංවර්ධනය සඳහා තාක්ෂණ අභියෝග පිළිබඳ වැඩමුළුව පරිසර සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ... තවදුරටත් කියවන්න
පීපල්ස් පාර්ක් හී තහනම් පොලීතීන් වැටලීම් අඛණ්ඩව මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර පොලිස් ඒකකය එක්ව පීපල්ස්... තවදුරටත් කියවන්න
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
ලෝක පරිසර දින සැමරුම - 2018 කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මෙවර ජගත් පරිසර දින සැමරුම ජාතික උත්සවය කෑගල්ල නිදහස්... තවදුරටත් කියවන්න