Tamil-SriLankaEnglish (UK)

ශ්‍රී ලංකාවේ පාරිසරික සම්පත් තිරසර කළමනාකරණය සදහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ගොඩනංවන ලද අන්තර්ජාලගත අවකාශීය දත්ත පද්ධතිය භාවිතය පිළිබද ඉහළ කළමනාකාරීත්වය දැනුවත් කිරීමේ වැඩමුළුව

  • මධ්‍යම පරිසර අධිකාරියේ, පර්යේෂණ හා සංවර්ධන ඒකක‍ය මගින් 2017 නොවැම්බර් මාසයේ දී දත්ත පද්ධති ගණනාවක් ඇතුලත් කරමින් ගොඩනැගීම ආරම්භ කරන ලද “පාරිසරික සම්පත් කළමනාකරණය සදහා වන අවකාශීය දත්ත පද්ධතිය” මේ වන විට අන්තර්ජාලගත කොට තිබේ. Arc GIS Online පහසුකම භාවිතයෙන් ගොඩනගා ඇති මෙමදත්ත පද්ධතියේ විශේෂත්වය වන්නේ කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකරමින් නිලධාරීන්ට අවශ්‍ය දත්ත හා තොරතුරු භාවිතා කිරීමට ප්‍රවේශ වීමට ඇති හැකියාවයි. මේ සදහා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක් හෝ ටැබ්ලට් යන්ත්‍රයක් හෝ ජංගම දුරකතනයක් භාවිතයෙන් පහසුවෙන් ප්‍රවේශ විය හැකිය
  • මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යය භාරයට අදාළ දත්ත පද්ධති රැසක් තවදුරටත් මෙම පද්ධතියට ඇතුලත් කිරීම සදහා සකස් කෙරෙමින් පවතින නමුදු දැනටමත් බොහෝ කාර්යයන් පහසුවෙන් සිදුකරගැනීමට අවශ්‍ය දත්ත හා තොරතුරු රැසක් මීට ඇතුලත් කර තිබේ. ඒ අතර පාරිසරික සංවේදී ප්‍රදේශ, පරිපාලන සීමා, පාරිසරික ආරක්ෂක ප්‍රදේශ, ජල සම්පත් ප්‍රදේශ හා ජල පෝෂක ප්‍රදේශ, මාර්ග ජාල ආදී අත්‍යාවශ්‍ය දත්ත තොරතුරු රැසක් මීට අන්තර්ගත කොට තිබේ.
  • ඒ අනුව මෙම දත්ත පද්ධතිය භාවිතය පිළිබද අධිකාරියේ කාර්යය මණ්ඩලය පහුණු කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු පියවර පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් පසුගිය සිකුරාදා දින එනම් 2018 ජනවාරි 19 වන දින මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී ආරම්භ කරන ලදි. මෙහි ප්‍රධාන අරමුණ වූයේ මෙම දත්ත පද්ධතිය භාවිතය පිළිබද අධිකාරියේ ඉහල කළමනාකාරිත්වය දැනුවත් කිරීමයි. ඒ අනුව පෙ.ව. 9.30 ට ආරම්භ කරන ලද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන නිලධාරීන් 35 කුගේ සහභාගීත්වයෙන් ප.ව. 2.30 දක්වා ඉතාමත් සාර්ථක ලෙස පැවැත්විණි.
  • මෙම පුහුණු වැඩසටහන් මාලාවේ ඉදිරි වැඩසටහන් පළාත් හා දිස්ත්‍රික් කාර්යාල මට්ටමින් ඉදිරියේ දී සිදුකිරීමට පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් පවතී.

IMG 8289

IMG 8292

IMG 8303

IMG 8326

Thursday, 01 February 2018 10:32 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ජනාධිපති පරිසර සම්මාන- 2017 ජනාධිපති පරිසර සම්මාන- 2017 මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන වාර්ෂික මහා සභා රැස්වීම මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන... තවදුරටත් කියවන්න
පරිසර අධිකාරියේ නව පරිසර නිලධාරීන් සඳහා දින 06ක පුහුණු වැඩසටහනක් නව පරිසර නිලධාරීන් සඳහා පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යභාරය... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2017 පාසල් දරුවන් සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇති පරිසර නියමු... තවදුරටත් කියවන්න
පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වා දීමේ වැඩමුළුව පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වාදීමේ විශේෂ වැඩසටහනක්... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි 2018 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම... තවදුරටත් කියවන්න
පොලිතීන් තහනම් නීතීය තදින් ක්‍රියාත්මකයි. 2018 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පොලීතීන් තහනම... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින සැමරුම - 2018 1997 පටන් සෑම වර්ෂයකම පෙබරවාරි 02 වන දින ලෝක තෙත්බිම්... තවදුරටත් කියවන්න