Tamil-SriLankaEnglish (UK)

නව පොලිතීන් රෙගුලාසි පිළිබඳ ශ්‍රී ලංකා පොලිසීය දැනුවත් කිරීමේ වැඩසටහන

පරිසර අමාත්‍යතුමන් ලෙසින් අතිගරු ජනාධිපති තුමන්ගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක පොලිතීන් තහනම් නිතී හා සම්බන්ධ මෙරට පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනේ දෙවන අදියර 2017/12/20 වන දින බත්තරමුල්ල පරිසර පියසේදී පවත්වන ලදී. මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපාලි ඉන්ද්‍රරත්න මහතා, අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා සහ සහකාර පොලිස් අධිකාරි මනෝජ් පෙරේරා මහතා ප්‍රමුඛව දිවයිනේ පළාත් 05ක් (උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර, සබරගමුව, ඌව) නියෝජනය කරමින් පොලිස් නිලධාරීන් සහභාගී වූහ.
 පරිසර කළමනාකරණයේ සහ නියාමනයේ ප්‍රමුඛතම ආයතනය වන මධ්‍යම පරිසර අධිකාරිය මෙහිදී පොලිතීන් තහනම පිළිබඳ නිතීය නියාමනය කිරීමේ යාන්ත්‍රනයට ශ්‍රී ලංකා පොලීසිය සමඟ එක්ව කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන ලදී. විශේෂයෙන් මැතිවරණ සමයේ ප්‍රචාරක කටයුතු සඳහා පොලිතීන් භාවිතය තහනම් කර ඇති වකවානුවක එම නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මෙහිදී පොලිස් නිලධාරීන් දැනුවත් කළ අතර වැරදිකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම පිළිබඳව  මෙන්ම තහනම් පොලිතීන් නිෂ්පාදනය වැටලීම සිදු කරන ආකාරය පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.  

pp0

pp1

pp2

pp3

pp4

Friday, 05 January 2018 10:08 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

polythene copy sin

FB Banner Stop-01

addsin

envposter-sin

ngobannersinhala

  ReEBwaste

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන වාර්ෂික මහා සභා රැස්වීම මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන... තවදුරටත් කියවන්න
පරිසර අධිකාරියේ නව පරිසර නිලධාරීන් සඳහා දින 06ක පුහුණු වැඩසටහනක් නව පරිසර නිලධාරීන් සඳහා පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යභාරය... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2017 පාසල් දරුවන් සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇති පරිසර නියමු... තවදුරටත් කියවන්න
පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වා දීමේ වැඩමුළුව පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වාදීමේ විශේෂ වැඩසටහනක්... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි 2018 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම... තවදුරටත් කියවන්න
පොලිතීන් තහනම් නීතීය තදින් ක්‍රියාත්මකයි. 2018 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පොලීතීන් තහනම... තවදුරටත් කියවන්න