Tamil-SriLankaEnglish (UK)

ලෝක පරිසර දින සැමරුම සහ ආපදාවට ලක් වූ ප්‍රදේශයේ පරිසර පවිත්‍රතා වැඩසටහන

පසුගිය මැයි මස 26 දා මෙරට ප්‍රදේශ ගණනාවක බලපෑ හදිසි ගංවතුර හා නායයෑම් ආපදාව හේතු කොට ගෙන, ගරු පරිසර අමාත්‍යතුමන් වශ්‍යෙයන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් පැවැත්විමට නියමිතව තිබූ 2017 ලෝක පරිසර දින සැමරුම් ජාතික උත්සවය අවලංගු කරන ලදි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය යටතේ පවතින සියළුම ආයතන, හමුදා කණ්ඩායම්, විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම විවිධ වූ ප්‍රජා කණ්ඩායම් සමඟ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ඇතුළු දේශපාලන නායකයින් හා නිලධාරීන් ද බුලත්සිංහල, යටගම්පිටිය ප්‍රදේශයේ ජීවිත හා දේපල හානි විශාල වශයෙන් ඇතීවූ ස්ථානයන්හි පරිසර පවිත්‍ර කිරීමේ ශ්‍රමදානය පවත්වන ලදී.
මධ්‍යම පරිසර අධිකාරිය හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධන කරන ලද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ලෝක පරිසර දිනය යෙදී තිබූ ජූනි 05 වන දා සිදු කිරීම් ද විශේෂත්වයක් ගත්තේය.  මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සමඟ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ සිසු සිසුවියන් කණ්ඩායමක් ද එම ප්‍රදේශය පවිත්‍ර කිරීමේ වැඩසටහන ක්‍රියාකාරීව සම්බන්ධ වීමද විශේෂත්වයක් විය.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා සමඟ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මාපා පතිරණ යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා පීඩාවට පත් වූ ජනතාව ඇතුළු ප්‍රදේශයේ ජනතාවගේන් සුවිශේෂි සහයෝගයක් ලැබීමත් විශේෂත්වයක් විය. මෙහිදී බුලත්සිංහල, යටගම්පිටිය, නාගහදොළ, නිග්ගහ, ගල්කැටිය, මෝල්කාව, ඉංගිරිය, කැකුලලිය පන්සල, පාහියන්ගල ආදී ස්ථාන ආශ්‍රිතව පරිසර පවිත්‍ර කිරීම සිදු වූ අතර මෙවැනි ස්වභාවික ආපදාවන් හමුවේ අසරණ තත්ත්වයන්ට පත්වන අපේම ජනතාවට පිහිටවීම සඳහා උපරිමයෙන් පියවර ගන්නා බවත්, මෙවැනි ආපදාවන් මඟින් ඉදිරීයේදී ඇති වීමට හැකි හානිදායක බලපෑම් අවම කිරිමට සියලු දෙනාම කැපවිය යුතු බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා මෙහිදී පැවසීය.

1

2

3

4

5

6

7

14

10

11

12

15

16

 

Tuesday, 20 June 2017 04:20 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ජනාධිපති පරිසර සම්මාන- 2017 ජනාධිපති පරිසර සම්මාන- 2017 මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන වාර්ෂික මහා සභා රැස්වීම මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන්ගේ සංගමයේ 18 වන... තවදුරටත් කියවන්න
පරිසර අධිකාරියේ නව පරිසර නිලධාරීන් සඳහා දින 06ක පුහුණු වැඩසටහනක් නව පරිසර නිලධාරීන් සඳහා පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යභාරය... තවදුරටත් කියවන්න
දකුණු පළාත් පරිසර නියමු කඳවුර - 2017 පාසල් දරුවන් සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇති පරිසර නියමු... තවදුරටත් කියවන්න
පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වා දීමේ වැඩමුළුව පරිසර අධ්‍යාපනය පිරිවෙන් සඳහා හඳුන්වාදීමේ විශේෂ වැඩසටහනක්... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි 2018 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම... තවදුරටත් කියවන්න
පොලිතීන් තහනම් නීතීය තදින් ක්‍රියාත්මකයි. 2018 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පොලීතීන් තහනම... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින සැමරුම - 2018 1997 පටන් සෑම වර්ෂයකම පෙබරවාරි 02 වන දින ලෝක තෙත්බිම්... තවදුරටත් කියවන්න