1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය සැමරීමට තීරණය විය. ඒ අනුව, ප්‍රථම ජගත් පරිසර දිනය 1974 දී “Only one Earth” යන තේමාව යටතේ පළමු වරට සමරන ලදී. ඊට සමගාමීව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ද ආරම්භ විය. ඒ අනුව, ජගත් පරිසර දිනය සැමරීම එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මඟින් ලොව පුරා සෑම වසරකදීම ජුනි 05 වෙනි දින විවිධ තේමාවන් යටතේ සිදු කරයි.
2017 වසරේ දී “සොබාදහම හා බැඳුණු ජනතාව” (Connecting People to Nature) යන තේමාව යටතේ ලොව පුරා සෑම රටකම ජගත් පරිසර දිනය ජුනි මස 05 වෙනි දින සමරනු ලබයි.ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමාගේ උපදේශකත්වයෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සහභාගීත්වයෙන් දිවයින පුරා ජුනි මස 05 වෙනි දින ජගත් පරිසර දිනය සැමරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මඟින් පියවර ගනිමින් සිටී.
ඒ අනුව, මධ්‍යම පරිසර අධිකාරිය විසින් පහත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පරිසර සතිය
2017.05.29 - පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ දිනය
2017.05.30 - පරිසර පවිත්‍රතා දිනය
2017.05.31 - කසළ කළමනාකරණ දිනය
2017.06.01 - රුක් රෝපණ දිනය
2017.06.02 - ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය
2017.06.03 - ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය
2017.06.04 - තිරසර ඉඩම් කළමනාකරණ දිනය
2017.06.05 - ජගත් පරිසර දිනය
2017.05.29 - පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ දිනය
• කළුතර දිස්ත්‍රික්කයේ මිරිස්වත්ත ජාතික පාසල - දොඩන්ගොඩ, බුලත්සිංහල මධ්‍ය විද්‍යාලය - බුලත්සිංහල, කඹුරාවල මහා විද්‍යාලය - කඹුරාවල, පාන්තිය මහා විද්‍යාලය - මතුගම, තක්ෂිලා මධ්‍ය විද්‍යාලය - හොරණ යන විද්‍යාලවලදී දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
• සංකේතාත්මකව පාසල් 10කට කසල බඳුන් ලබා දීම හා පළාත් පාලන ආයතන සඳහා කසළ කළමනාකරණ බොබ් කැට් මැෂින් ලබාදීම.
• පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ කසළ කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
• කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පරිසර දූෂණ පාලන අංශයේ සම්පත් දායකත්වයෙන් සංවිධානය කිරීම
• කළුතර දිස්ත්‍රික්කයේ කළු/ම/ පාලින්දි නුවර, මොරපිටිය වීදිය බණ්ඩාර මහා විද්‍යාලයට පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශය විසින් පුස්තකාලයකට අවශ්‍ය පොත්පත් හා භාණ්ඩ ලබා දීම.
• ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවත්වීම.
2017.05.31- කසළ කළමනාකරණ දිනය
• අපද්‍රව්‍ය කළමනාකරණ අංශය විසින් විද්‍යුත් අපද්‍රව්‍ය එක්රැස් කිරීම හා ප්‍රවාහනය කිරීමේ වැඩසටහනක් (Drop off event) කළුතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීම.
• තුනී පොලිතීන් වැටලීම හා තුනී පොලිතීන් භාවිතයට උපදෙස් ලබා දීම පිළිබඳ වැඩසටහන් කළුතර දිස්ත්‍රික්කය තුළ දියත් කිරීම.
• මෙම දිනයෙන් ආරම්භ කර දිවයින පුරා අවිධිමත් ලෙස කසළ බැහැරලීම සිදුකරන ස්ථාන හඳුනා ගැනීම සහ ඉන් ඇතිවන පාරිසරික හා සෞඛ්‍යමය බලපෑම් දුරලීම සඳහා අදාළ පළාත් පාලන ආයතන මෙහෙයවීම.
2017.06.01 - රුක් රෝපණ දිනය - දිස්ත්‍රික් වැඩසටහන
• දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම එක් පාසලක් තෝරා ඉන් පාසල් සිසුන් 25ක් සඳහා බද්ධ පැළ 25ක් ලබාදීම සහ එම පාසලේ සිසුන් 100ක් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වීම
2017.06.05 - ජගත් පරිසර දිනය
• ජගත් පරිසර දින ජාතික වැඩසටහන සඳහා පරිසර නියමුවන් 1000ක් සහභාගී කරවීම.
• පරිසර ගීතය හා පරිසර ප්‍රතිඥාව සඳහා කළුතර බාලිකා විද්‍යාලයෙන් පරිසර නියමුවන් සහභාගි කරවීම.
• හොරණ ශ්‍රිපාලි විද්‍යාලයෙන් හා හොරණ දෙමළ විද්‍යාලයෙන් ජගත් පරිසර දින සැමරුම් උත්සවය සඳහා ඊට අදාළ සංස්කෘතික අංග 02ක් පැවැත්වීම.
• පරිසරය පිළිබඳව කෙටි කතාවක් පැවැත්වීම සඳහා පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් සහභාගි කර ගැනීම.
• අතිගරු ජනාධිපත්තුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිළිගැනීම සඳහා කළුතර බාලිකා විද්‍යාලය සහ කළුතර සිරිකුරුස මහා විද්‍යාලයේ දරුවන් 100 දෙනෙකු සහභාගි කරවීම.
මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-7877277, 7877278, 7877279, 7877280
ක්ෂණික ඇමතුම්: 011-2888999