Tamil-SriLankaEnglish (UK)

තුනී පොලිතින් නිෂ්පාදනය සහ අලෙවියට එරෙහිව තුනී පොලිතින් නිෂ්පාදනය සහ අලෙවියට එරෙහිව වැටලීම් 1648ක්, 254ට නඩු

නීතියෙන් තහනම් කර ඇති මයික්‍රෝන 20 ට අඩු තුනී පොලිතින් නිෂ්පාදනය, අලෙවිය, ගබඩා කිරීම හා භාවිතා කිරිමට එරෙහිව ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදනවලට අදාලව මධ්‍යම පරිසර අධිකාරිය විසින් කටයුතු කරමින් පවතී.
 අපද්‍රව්‍ය අක්‍රමවත් ආකාරයට බැහැර කිරීම හේතුවෙන් මේ වන විට රට පුරා මහත් ආන්දෝලනයක් මෙන්ම ව්‍යාකූල තත්ත්වයක් ද නිර්මාණය වී ඇත.  මෙරට විවිධ වූ අපද්‍රව්‍ය අතර පහසුවෙන් දිරාපත් නොවන, භාවිතා කර ඉවත දමන ප්ලාස්ටික් පොලිතීන් ද්‍රව්‍ය නිසි කළමනාකරණයට යොමු කිරීමේ අවශ්‍යතාව මධ්‍යම පරිසර අධිකාරිය විසින් දීර්ඝ කාලයක පටන් අවධාරණය කර සිටී. විශේෂයෙන් පොලිතින් බෑග්, ලන්ච් ෂීට්,ග්‍රොසරි බෑග් වැනි පරිසරයට  බැහැර කිරීමෙන් ඇතිවන පාරිසරික දූෂණ තත්ත්වයන් පිටු දැකීම සඳහා 2006 වර්ෂයේදී මයික්‍රෝන 20 ට වඩා ඝනත්වයෙන් අඩු පොලිතින් තහනම ක්‍රියාත්මක කරන ලදී. එම තහනම් නිතී උල්ලංඝනය කරමින් ඇතැම් ජාවාරම්කාර පිරිස් එම පොලිතින් නිෂ්පාදන අඛණ්ඩව කරගෙන යාමත් ලොකු කුඩා වෙළඳ සැල්වලින් මෙවැනි බහාලුම් වර්ග පාරිභෝගික ජනතාවට නොමිලේ ලබා දීමත් හේතුවෙන් එය පාරිසරිකමය වශයෙන් ප්‍රබල ගැටළුවක් බවට පවත් වෙමින් පැවතිණ.

Monday, 15 May 2017 05:59 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

polythene sin

ecosin

addsin

ngobannersinhala

  ReEBwaste

 epa sinhala

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
මධ්‍යම පරිසර අධිකාරිය නව වසරේ වැඩ ඇරඹුම ආදර්ශවත්ව සමරයි 2018 වසරේ අලූත් අවුරුද්ද සැමරීමේ උත්සවයට සමගාමීව මධ්‍යම... තවදුරටත් කියවන්න
පොලිතීන් තහනම් නීතීය තදින් ක්‍රියාත්මකයි. 2018 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පොලීතීන් තහනම... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින සැමරුම - 2018 1997 පටන් සෑම වර්ෂයකම පෙබරවාරි 02 වන දින ලෝක තෙත්බිම්... තවදුරටත් කියවන්න
තහනම් කරන ලද පොලිතීන් වැටලීම් තව දුරටත් රජය විසින් ගනු ලැබූ තීරණයකට අනුව 2017 සැප්තැම්බර් 01 දින... තවදුරටත් කියවන්න
තහනම් පොලිතීන් නිෂ්පාදකයින් වැටලීම් දිගටම තහනම් පොලිතීන් නිෂ්පාදන හා බෙදා හැරීම,ගබඩා කිරීම හා අලෙවි... තවදුරටත් කියවන්න
පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් දකුණු පළාත් පරිසර නිලධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් මානව... තවදුරටත් කියවන්න
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණ වැඩසටහන මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීම හා... තවදුරටත් කියවන්න