පරිසර විනාශය නිසා සිදුවන දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලට රටක් ලෙස අප දිනෙන් දින ගොදුරු වෙමින් සිටින්නෙමු. මෙම තත්ත්වය පාලනය කර නොගතහොත් අපගේ පරිසර පද්ධතිය දැඩි විනාශයක් කරා ගමන් කරනු ඇති අතර මානව සංහතියේ පැවැත්මටද දැඩි තර්ජනයක් එල්ල කෙරෙන බව අවිවාදිතය.
එබැවින් පරිසරය සුරැකීමට පුරවැසියන් ලෙස අපට පැවරී ඇති වගකීම කිසිසේත් සුළු කොට තැකිය නොහැකි අතර දේශගුණික විපර්යායවලට එරෙහිව සටන් කළ හැකි ආකාරය පිළිබඳ අප නිරන්තර අවධානයෙන් කටයුතු කළයුතුය.
ඒ වෙනුවෙන් අවශ්‍ය නීති සම්පාදනය කොට ආයතනික සැකස්ම ඇති කිරීමට මේ වන විට රජය යුහුසුළුව කටයුතු කරමින් සිටින අතර පරිසරය සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පොදු නීතියක් ගෙන ඒමට ද අපේක්ෂා කරන්නෙමු.
එසේම මෙරට ආර්ථික ප්‍රතිපත්ති සැකසිමේ දී අපනයන ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟා වන හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය වීම ද රජයේ සැලැස්ම වී තිබේ. හරිත ආර්ථිකය සඳහා වන සැලසුම් සකස් කිරීමේ දී කාලගුණ විපර්යාස පිළිබඳ පනත සහජීව පද්ධති පනතඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අතර සිංහරාජය, හෝර්ටන්තැන්න, නකල්ස් සහ මහවැලි ජෛව පද්ධති ඊටඇතුළත් කිරීමට නියමිතය.
වනවගාව ඇතුළත් වන නව වනාන්තර පනතක් ගෙන ඒමට අදහස් කරන අතර මුතුරාජවෙල කලාපය ආරක්ෂාකිරීමේ නීති කෙටුම්පත් මෙන්ම මෙරට දර්ශනීය ස්ථාන සුරැකීමේ නීති කෙටුම්පතක් ඇතුළු නව නීති කෙටුම්පත් රැසක් සකස් කර එම කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම මාගේ අපේක්ෂාවයි.
මේ ඔස්සේ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම පමණක් නොව දේශගුණ විපර්‍යාස බලපෑම් අවම වූ සහ පරිසර හිතකාමී රටක් බවට ශ්‍රී ලංකාව පත්කර අප ජනතාවට උසස් ජීවන තත්ත්වයක් හිමිකරදීමට හැකි බව මම විශ්වාස කරන අතර “ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායී දෙරණක්” තේමාව යටතේ මෙවර පැවැත්වෙන ජගත් පරිසර දින සැමරුමට මාගේ සුභාශිංෂන එක් කරමි.
රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2024 ජුනි04 දින.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999