2018 මාර්තු මාසයේ දී විමර්ශන ඒකකය පිහිටුවන ලද අතර එය අධ්‍යක්ෂ ජනරාල් යටතේ ක්‍රියාත්මක වේ. තහනම් පොලිතින් සම්බන්ධ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සහ සභාපතිවරයාගේ සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි තීරණාත්මක පාරිසරික ගැටළු පිළිබඳ විශේෂ විමර්ශන සිදු කිරීම මෙම ඒකකයේ කාරය භාරය වේ.
විමර්ශන ඒකකයේ කාර්යයන්
2. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් පරිදි තීරණාතමක පාරසරික ගැටළු විසදීම සඳහා විමර්ශන සිදු කර තාක්ෂණික අංශ වලට අවශ්‍ය සහය ලබාදීම.
මෙම ඒකකය අනුකූලතා පසුවිපරම් සහ පැමිණිලි සම්බන්ධීකරණය යන ප්‍රධාන ක්‍රියාකාරකම් දෙකකින් සමන්විත වේ.
අනුකූලතා පසුවිපරම්
ජාතික පාරිසරික පනතේ බලතල ප්‍රකාරව නියාමනය වන නෛතික මෙවලම් සඳහා විධිමත් අනුකූලතා පසුවිපරම් යාන්ත්‍රණයක් ස්ථාපිත කර ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම හා අදාල ඒකක සහ ප්‍රාදේශීය කාර්යාල හරහා මෙම අනුකූලතා පසුවිපරම් යාන්ත්‍රණය විධිමත් කිරීම අනුකූලතා පසුවිපරම් ඒකකයේ වගකීම වේ.
ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන යටතේ කර්මාන්තකරුවන් / ව්‍යාපෘති යෝජකයින් වෙත නිකුත් කරනු ලබන බලපත්‍ර / අනුමැතීන්වල ඇතුලත් කොන්දේසි/ ප්‍රමිතීන් ප්‍රකාරව එම කටයුතු සිදුකරනු ලබන බවට තහවුරු කිරීම සහ ඒ අනුව නියමිත කර්මාන්ත/ ව්‍යාපෘති මගින් සිදුවිය හැකි පරිසර දූෂණය අවම කිරීම/ පාලනය කිරීම අනුකූලතා පසුවිපරම් සිදුකිරීමේ මූලික අරමුණ වේ.
ඒකකයේ ප්‍රධාන ක්‍රියාකාරකම්:
i බලපත්‍ර සඳහා අනුකූලතා පසුවිපරම් යාන්ත්‍රණයක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීම (පාරිසරික ආරක්ෂණ බලපත්‍ර සහ උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍ර)
ii සියලුම දිස්ත්‍රික්කවල විධිමත් අනුකූලතා පසුවිපරම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ පුහුණු කිරීම් සිදු කිරීම.
iii ප්‍රාදේශීය කාර්යාල මගින් ක්‍රියාත්මක කරනු ලබන අනුකූලතා පසුවිපරම් ක්‍රමවේදය අධීක්ෂණය සහ ඇගයීම.
පැමිණිලි සම්බන්ධීකරණය
මධ්‍යම පරිසර අධිකාරිය වෙත මහජනතාවගෙන් යොමු වන පාරිසරික පැමිණිලි දිවයින පුරා ව්‍යාප්තව ඇති පළාත් / දිස්ත්‍රික් කාර්යාල හා අදාල ඒකක සම්බන්ධීකරණය කරමින් ඵලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා පැමිණිලි සම්බන්ධිකරණ ඒකකය ප්‍රධාන කාර්යාලය තුල පිහිටුවා ඇත.
පැමිණිලි කළමනාකරණයදී මහජනතාවට ඵලදායී සේවාවක් ලබා දීම සඳහා මෙම ඒකකය මගින් පහත සඳහන් ප්‍රධාන කාර්යයන් ඉටුකරනු ලැබේ.
ඒකකයේ ප්‍රධාන ක්‍රියාකාරකම්
i පැමිණිලි කළමනාකරණය කිරීම සඳහා පැමිණිලි මෘදුකාංග දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම.
Ii පැමිණිලි යොමු කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක1981 - ක්ෂණික ඇමතුම් සේවාව පවත්වාගෙන යාම .
iii ගුරු අත්පොත්/මාර්ගෝපදේශ සහ පුහුණු කිරීම් හරහා පැමිණිලි කළමනාකරණ පද්ධතිය ප්‍රමිතිගත කිරීම.
iv මුළු දිවයිනම ආවරණය වන පරිදි මාසික ප්‍රගතිය වාර්තා කිරීම.
v මධ්‍යම පරිසර අධිකාරියේ විෂය පථයට අදාළ නොවන මහජන පැමිණිලි සඳහා අදාල ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම.
අරමුණ:
මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල ජාලය මගින් සීග්‍ර සේවාවක් සැපයීම තහවුරු කිරීම.
අභිමතාර්ථය:
ප්‍රාදේශීය කාර්යාලවල උන්නතිය සඳහා අවශ්‍ය සහයෝගී සේවාවන් සැපයීම,ඉහල සම්බන්ධීකරණය සහ ක්‍රමාණුකූල ප්‍රවේශයක් ඇතිකිරීම හරහා වඩාත් ඵලදායී හා කාර්යක්‍ෂම මෙහෙයුම් යාන්ත්‍රණයක් ඇතිකිරීම මගින් පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල වල කර්යය සාධනය ඉහල නැංවීම.
ප්‍රධාන වගකීම්:
අනුකූලතා පසුවිපරම් ඒකකය මධ්‍යම පරිසර අධිකාරියේ අලුතින් පිහිටුවන ලද ඒකකයකි.
මෙම ඒකකයේ ප්‍රධාන වගකීම වනුයේ මධ්‍යම පරිසර අධිකාරිය මඟින් නිකුත් කරන ලද බලපත්‍ර සහ අනුමැතීන් සඳහා නිසි අනුකූලතා පසුවිපරම් ක්‍රමවේදයක් සකස් කිරීම හා එය මෙම අධිකාරියේ අදාළ ප්‍රාදේශීය/දිස්ත්‍රික්කාර්යාල සහ ඒකක මඟින් ක්‍රියාත්මක කිරීමයි.
2018/2019 වසර තුලදී අනුකූලතා පසුවිපරම් ඒකකය, පරිසර ආරක්ෂණ බලපත්‍රපසුවිපරම් කටයුතු සිදු කිරීම තුලින්අනුකූලතා පසුවිපරම් ක්‍රමවේදය ආරම්භ කරන ලදී.ප්‍රාදේශීය/දිස්ත්‍රික්කාර්යාල මඟින් නිකුත් කරන ලද පරිසර ආරක්ෂණ බලපත්‍ර සඳහා අනුකූලතා පසුවිපරම් ඒකකය මඟින් ලබා දී ඇති උපදෙස් අනුව වාර්ෂික අනුකූලතා පසුවිපරම් සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම සියළු පළාත්/දිස්ත්‍රික් කාර්යාල මඟින් සිදු කල යුතුය.
මෙයට අමතරව අනුකූලතා පසුවිපරම් ඒකකය මඟින්ද තෝරාගත් වලංගු බලපත්‍ර සහිත ක්‍රියාකාරකම් පසුවිපරම් කිරීම තුලින් මෙම අධිකාරියේ ප්‍රාදේශීය/දිස්ත්‍රික්කාර්යාල මඟින් සිදු කරනු ලබන අනුකූලතා පසුවිපරම් කටයුතු වල ඵලදායීත්වය සොයා බලනු ලබයි.
නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ඵලදායීව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම තුළින් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් අපද්‍රව්‍ය කළමනාකරණ අංශය යටතේ 2018.06.01 වන දින ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය පිහිටුවන ලදී. ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය යටතේඇති ප්‍රධාන කර්තව්‍යයන් වශයෙන් ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළ ප්‍රතිපත්ති හා තාක්ෂණික මැදිහත් වීම, ක්‍රියාත්මක කිරීම හා බලාත්මක කිරීම සහ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, හඳුනාගෙන ඇත.
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික/පළාත්/දිස්ත්‍රික් මට්ටමින් ප්‍රතිපත්ති/මාර්ගෝපදේශ/ සැලසුම් ඇති කිරීම, ප්‍රතිපත්ති හා තාක්ෂණික මැදිහත් වීම යන කර්තව්‍යයට අයත් වන අතර උක්ත කරුණු බලාත්මක කිරීම හා ක්‍රියාත්මක කිරීම මෙම ඒකකයේ දෙවන කර්තව්‍ය වශයෙන් හඳුනාගෙන ඇත. දොම්පෙ සනීපාරක්ෂක බිම් පිරවුමේ නඩත්තු කටයුතු හා ගම්පහ දිස්ත්‍රික් ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම්, නඩත්තු කිරීම හා වැඩි දියුණු කිරීම විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම යන කර්තව්‍යය යටතේ සිදු කෙරේ.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




