Tamil-SriLankaEnglish (UK)

ශ්‍රී ලංකාවේ රසායනික අනතුරු වැළැක්වීම සහ පෙර සූදානම් වැඩ සටහන් ව්යාිපෘතිය (CAPP-SL)

පසුබිම

ආර්ථික වර්ධනයේ වැදගත් නියමුවෙකු වන්නේ කර්මාන්ත යි. එමගින් ශ්‍රී ලංකාව ට වටිනා ආර්ථික සහ සාමාජයීය වාසි සැලසේ.  එසේම දීර්ඝකාලීන සංවර්ධන අරමුණු සාධනය කර ගැනීමේ වටිනා භූමිකාවක් ද කර්මාන්ත සඳහා හිමි වේ. කෙසේ වෙතත් බොහෝ කර්මාන්ත ක්‍රියාකාරකම්, මිනිසුන් ට, පරිසරය ට සහ ප්‍රාදේශීය හෝ ජාතික ආර්ථිකය ට හානි සිදු කරන අනතුරු දායක රසායන ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරු- ඉසිරීම්, ගිනි ගැනීම්, පිපිරීම්- සිදු විය හැකි ඒවා වේ.

ශ්‍රී ලංකාවේ රසායනික අනතුරු වැළැක්වීම සහ පෙර සූදානම් වැඩ සටහන් ව්‍යාපෘතිය (CAPP-SL) පිහිටුවන ලද්දේ අන්තර්ජාතික රසායන ද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන උපාය මාර්ගික ප්‍රවේශය (SAICM) වෙතින් ලද මූල්‍ය සහයෝගය මත මධ්‍යම පරිසර අධිකාරිය විසිනි. මෙහි කාර්ය සාධනය එක්සත් ජාතීන්ගේ පරිසර ව්‍යාපෘතිය (UNEP)  යටතේ සිදු වන අතර තාක්ෂණික සහයෝගය තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි ආසියානු ආපදා පෙර සූදානම් මධ්‍යස්ථානය (ADPC) වෙතිනි.


ප්‍රයෝජන

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා රජය ලබා දී ඇති විවිධ දිරි ගැන්වීම් මත ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත ක්ෂේත්‍රය ශීඝ්‍ර ව්‍යාපතියක් ලබා තිබේ. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ කර්මාන්ත මගින් සිදු විය හැකි රසායනික අනතුරු වැළැක්වීමට හා පෙර සූදානමක් ඇති කිරීම ට අවශ්‍ය තාක්ෂණික, නීතිමය යටිතල පහසුකම් සහිත උපාය මාර්ගික රාමුවක් ශ්‍රී ලංකාවේ ඇති කිරීමයි. මේ සඳහා CAPP කමිටුව () මධ්‍යම පරිසර අධිකාරිය මගින් පිහිටුවීමට නියමිත අතර විෂයයට අදාල සියලුම රාජ්‍ය ආයතන මේ සඳහා ඒකාබද්ධ වේ. මෙමගින් රසායන ද්‍රව්‍ය හේතුවෙන් සිදු වන අනතුරු වැළැක්වීම සහ සිදු විය හැකි අනතුරු සිමා කිරිම ට බලාපොරොත්තු වේ. එයින් මිනිසුන් ට සිදු විය හැකි අනතුරු වැළැක්විම සහ අවම කිරීමත් පරිසරයට සහ දේපළ වල ට සිදු විය හැකි හානි වැළැක්වීම ත් අරමුණු කෙරේ.

අරමුණු

  1. රසායනික අනතුරු සම්බන්ධ ක්‍රමවේදයක් දැනට ලංකාවේ නොමැති අතර, අදාල රාජ්‍ය නිලධාරීන් සහ කර්මාන්තකරුවන් තුළ රසායනික අනතුරු වැළැක්වීම සහ පෙර සූදානම් වැඩ සටහන් සම්බන්ධයෙන් ඇති අවබෝධය ඉහළ නැංවීම (CAPP)

  2. රසායනික අනතුරු වල අවදානම හැසිරවිය හැකි පරිදි ශ්‍රී ලංකාවේ ආයතන, පාලන ආයතන සහ විශේෂඥයින් ගේ ධාරිතාව වැඩි කිරීම සහ සම්බන්ධීකරණය

  3. රසායනික අනතුරක හානි දායක බවේ සහ අවදානමේ ස්වභාවය සහ ස්ථානය මුල් අවස්ථාවේ දී ම හඳුනා ගැනීම

  4. සිදු විමට ඉඩ ඇති රසායන ද්‍රව්‍ය ඉසිරීම්, ගිනි ගැනීම්, පිපිරීම් ආදිය අවම කිරිම ට ත් එසේ සිදු විය හැකි අනතුරු වල හානි දායක බලපෑම අවම කිරීම ට ත්  යොදා ඇති ආරක්ෂිත ක්‍රමෝපායයන් ප්‍රමාණවත් වේ ද යන්න අවබෝධ කර ගැනිම

  5. ශ්‍රී ලංකාව ට ගැලපෙන සහ එහි අවශ්‍යතාවන් ට හා හැකියාවන් ට සරිලන CAPP ව්‍යාපෘතියක් සංවර්ධනය කර ස්ථාපිත කිරිම

 

ව්‍යාපෘති ක්‍රියාකාරකම්

ව්‍යාපෘතියේ වර්තමාන ක්‍රියාකාරකම් නියමිත කාල වකවානු වල දි සිදු කෙරී තිබේ. ජාතික ආරම්භක වැඩ මුළුව 2013 ජනවාරි 16-17 දෙදින තුළ බත්තරමුල්ල, වෝටර්ස් එජ් හි දී රසායනික අනතුරු වැළැක්වීම සහ පෙර සූදානම් වැඩ සටහන් සඳහා වන සියළුම පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එම වැඩමුළුවේ දී තීරණය කර ඇති පරිදි මධ්‍යම පරිසර අධිකාරිය විසින් CAPP කමිටුවක් පිහිටුවා, ඉතා ඕනෑ කමින් CAPP කමිටුව සඳහා සාමාජිකයින් තෝරා ගෙන ඇති අතර ව්‍යාපෘතියේ ඉදිරි පියවර ගැනීමේ කටයුතු එම සාමාජිකත්වය වෙත පවරා ඇත. මෙම කාර්ය සාධක බලකාය අදාල පළාත් පාලන  ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ මොරටුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනික විශේෂඥතාව යනාදියෙන් සමන්විත වේ. ඉදිරි ව්‍යාපෘති කටයුතු හඳුනා ගත් අතර, සියලුම පාර්ශ්වකරුවන් සමග මේ සම්බන්ධ එකඟතාවක් ඇති කර ගන්නා ලදී.
අදාල කාර්ය සාධක බලකාය මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධානත්වයෙන් සෑම මසක ම රැස් වූ අතර, ඔවුන් සඳහා තායිලන්තයේ දී පුහුණුවක් ද ලබා දෙන ලදී.
මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස් සහ ආචාර්ය මනීෂා ගුණසේකර විසින් අවශ්‍ය සියලුම වාර්තා සකස් කරන ලදී. මෙහි ඉදිරි පියවර (Road map) පිළියෙල කර අවසාන ය.

මෙම ව්‍යාපෘතිය දැනට UNEP ආයතනය මගින් පැවැත් වූ සමාන ව්‍යාපෘති අතර හොඳම ව්‍යාපෘතිය බව ප්‍රකාශයට පත් කර ඇත.

2013 නොවැම්බර් 30 දින ව්‍යාපෘතියේ පළමු අදියර නිම වූ අතර UNEP මගින් ඉදිරි පියවර සඳහා ආධාර උපකාර කෙරෙනු ඇත.

SAICM ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාවේ රසායන ද්‍රව්‍ය මනා ලෙස කළමනාකරණය කිරීම සඳහා ක්‍රියාපටිපාටියක් සකස් කිරීම සහ ශ්‍රී ලංකාවේ ජාතික රසායන අංශ චිත්‍රය යාවත්කාල කිරීම සඳහා වන විශේෂ ව්‍යාපෘතියක් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා අන්තර්ජාතික රසායන ද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන උපාය මාර්ගික ප්‍රවේශයේ (SAICM) මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක වේ.  ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ රසායන ද්‍රව්‍ය මනා ලෙස කළමනාකරණය කිරීම සඳහා ක්‍රියාපටිපාටියක් සකස් කිරීම සහ ශ්‍රී ලංකාවේ ජාතික රසායන අංශ චිත්‍රය යාවත්කාල කිරීම යි.

දොම්පේ මාළිගාවත්ත ප්‍රදේශයේ ඒකාබද්ධ කසළ කළමනාකරණ පද්ධතිය ඉදි කිරිම

පසුබිම

පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශයේ ලේකම් සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ නිත්‍ය නේවාසික නියෝජිත අතර ඇති වූ සාකච්ඡා සම්මුති සටහන පාදක කර ගනිමින් 24.04.2008 දින ශ්‍රී ලංකා රජය සහ කොරියානු ජනරජය විසින් තාක්ෂණික හා මූල්‍යාධාර ලෙස රුපියල් මිලියන 450ක් ද ශ්‍රී ලංකා රජය විසින් ගිවිසුමෙහි සඳහන් නියමිත කාර්යයන් ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 150ක් ද දොම්පේ සනීපාරක්ෂක කසළ රඳවනය ඉදිකිරීම වෙනුවෙන් ලබා දීමට එකඟ වී ඇත.
මෙම කසළ රඳවනය මගින් දොම්පේ ප්‍රාදේශීය සභා සීමාවේ කසළ සඳහා අවසන් බැහැරලීමේ පහසුකම් ලබා දීම ට සැලසුම් කර ඇති අතර එමගින් දිනකට කසළ ටොන් 10ක් කළමනාකරණය කිරීම ට යෝජිත ය. මූලිකව මෙම භූමිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වූ අතර වාණිජ  වන වගාවක් ස්ථාපිත කිරීම සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ට ලබා දී තිබුණි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් මෙම භූමියෙන් අක්කර 68ක් දීර්ඝ කාලීන බදු පදනම මත මධ්‍යම පරිසර අධිකාරිය ට ලබා දීම ට පියවර ගත් නමුදු මධ්‍යම පරිසර අධිකාරිය විසින් එයින් හෙක්ටයාර 6ක් පමණක් සනීපාරක්ෂක කසළ රඳවනය ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් තෝරා ගන්නා ලදී.

අරමුණු

  • කසළ කළමනාකරණයට අදාලව කටයුතු කරන ප්‍රතිපත්ති සකස් කරන්නන් සහ රාජ්‍ය සේවකයන්ගේ ධාරිතා වර්ධනය කිරීම

  • ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ සාර්ථකව ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් සඳහා වූ වැඩ සටහන් ආධාරයෙන් ඒකාබද්ධ කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීම

  • කසළ ජනනය වන ස්ථාන, කසළ ජනනය වන ප්‍රමාණය, කසළ එකතු කිරීම සහ/ හෝ ගෘහස්, කසළ සඳහා ප්‍රතිකර්ම යෙදීම ආදිය පිළිබඳ සාකච්ඡා සිදු කිරීම
  • ඉහත ප්‍රදේශය තුළ ජනනය වන ගෘහස්ථ කසළ සඳහා සුරක්ෂිත මෙන්ම කාර්යක්ෂම කසළ එකතු කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම
  • සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදිකිරීම සහ එයට අදාල යටිතල පහසුකම් ඉදි කිරිම

කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය මගින් සනීපාරක්ෂක කසළ රඳවනයේ ඉදිකිරීම් වලට අදාල විශේෂිත ඉදිකිරීම් කටයුතු කරගෙන යෑම සඳහා සාකච්ඡා සම්මුති සටහන් අනුව ශ්‍රී ලංකා රජය විසින් සනීපාරක්ෂක කසළ රඳවනයේ පස් කැණීම් කටයුතු සිදු කආ යුතු විය.

ඒ අනුව, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේ ආයතනය වන මධ්‍යම පරිසර අධිකාරිය විසින් පාංශු කැණීමේ කටයුතු සාර්ථකව නිම කරන ලද අතර, 07.06.2012 දින  ගරු පරිසර අමාත්‍යතුමාගේ සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිතුමාගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයක දී ව්‍යාපෘතියේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සිදු කිරීම සඳහා ව්‍යාපෘති භූමිය එදින සිට කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙත පවරන ලදී.

කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය විසින් පත් කරන ලද සැම්හි ඉදිකිරීම් ආයතනය විසින් මේ වන විට සනීපාරක්ෂක කසළ රඳවනයේ බිම් පිරවුම්, ආස්තරණ යෙදීම, අපදියර එකතු කිරීමේ නල පද්ධතිය, ජලවහන පද්ධති සහ වායු එක්රැස් කිරිමේ නල පද්ධතිය ඉදිකර අවසන් වී ඇත. වර්තමානය වන විට පරිපාලන ගොඩනැගිල්ල සහ අපදියර ප්‍රතිකර්ම පද්ධතිය ඉදිකෙරෙමින් පවතී.

Landfill area once earth work was completed Leachate treatment area after completion of earth work Construction of Superstructure of Landfill area Sanitary Landfill Area after completion of the Construction

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න