මධ්‍යම පරිසර අධිකාරිය විසින් පණවා ඇති ප්‍රමිතීන් සහ කොන්දේසි වලට යටත් ව, අපජලය, අපද්‍රව්‍ය, දුම්/වායු/වාෂ්ප/හුමාලය, ශබ්ද/කම්පන පරිසරයට බැහැර කිරිම ට පරිසර ආරක්ෂණ බලපත්‍ර ලාභියෙකුට අවසර ලැබේ. මෙමගින් කර්මාන්ත ක්‍රියාකාරකම් මගින් පරිසරයට බැහැර කෙරෙන අපද්‍රව්‍ය සහ විමෝචනයන් වළක්වා ගැනීමට හෝ අවම කිරීම ට පරිසර ආරක්ෂණ බලපත්‍ර ලාභියෙකු ට හැකියාව ලැබේ.
අසල්වාසී මහජනතාව වෙතින් එල්ල විය හැකි විරෝධතා අඩු වීම.
කර්මාන්තය කෙරෙහි වන මහජන විශ්වාසය වර්ධනය කර ගැනීමට හැකි වන අතර, එහි කර්මාන්ත නිෂ්පාදනයන් විසින් විදේශීය ආයෝජකයින් හෝ ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට ඉඩ සැලසේ.
පරිසර ආරක්ෂණ බලපත්‍ර ලාභියෙකුට තම කර්මාන්තයේ සහ ක්‍රියාවලියේ වැඩි දියුණු කිරීම් සඳහා අවශ්‍ය බැංකු ණය ලබා ගැනීමේ හැකියාව හිමි වේ.
පරිසරය සුරැකීමට සිදු කරන දායකත්වය අන්තර්ජාතික ප්‍රමිති තලයට ගෙන ඒම සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලාභියෙකුට ISO ප්‍රමිති සහතිකය ලබා ගැනීම ට අවශ්‍ය කටයුතු සිදු කිරීමට වැඩි අවකාශ තිබේ.
පරිසර ආරක්ෂණ බලපත්‍රයක් පහත දක්වා ඇති හේතු මත අවලංගු වීමට/අත් හිටු වීමට සිදු වේ.
බලපත්‍රයේ සඳහන් යම් ප්‍රමිතියක්, කොන්දේසියක් හෝ වාක්‍යයක් උල්ලංගණය කිරීම
බලපත්‍රය නිකුත් කළ පසු ස්වාභාවික හේතූන් හෝ වෙනත් කරුණු හේතුවෙන් ව්‍යාපෘතියට අදාල පරිසරය වෙනස් කම් වලට නතු වී තිබීම
බලපත්‍රය මගින් පැවරෙන බලය යටතේ තව දුරටත් පරිසරයට අපද්‍රව්‍ය බැහැර කිරීම් හෝ විමෝචනය කිරීම් සිදු කළ හොත් එමගින් පරිසරයෙන් ලබා ගත හැකි ප්‍රයෝජන වල ට බලපෑම් එල්ල වීම
පරිසර ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීම.
පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගු වන දිනයට මාස 3කට පෙර
කර්මාන්ත ක්‍රියාවලියේ වෙනසක්/ අලුත් කිරීමක්/දීර්ඝ කිරීමක් සිදු කිරීමෙන් මාසයක් ඉක්ම යාම ට පෙර
පරිසර ආරක්ෂණ බලපත්‍ර අලුත් කිරීමේ අයදුම් පත් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් , පළාත් කාර්යාල වලින් සහ දිස්ත්‍රික් කාර්යාල වලින් ලබා ගැනීම හෝ මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියෙන් බා ගත කිරීම සිදු කළ හැකි යි. www.cea.lk
පරීක්ෂණ ගාස්තු ගෙවිය යුත්තේ පළමු පරිසර ආරක්ෂණ බලපත්‍රය සඳහා අයදුම් කරන අවස්ථාවේ දී පමණකි. එම නිසා බලපත්‍රය අලුත් කිරීමේ දී පරීක්ෂණ ගාස්තු ගෙවිය යුතු නොවේ. කෙසේ වෙතත් යම් අයදුම්කරුවෙකු විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාල කිරීමේ අයදුම්පත ඉදිරිපත් කළ යුතු කාලය ඉක්මවා තිබේ නම් ඔහු/ඇය විසින් නව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් සඳහා අයදුම් කළ යුතු වේ. එවැනි අවස්ථාවක දී ඔහු/ඇය විසින් පරීක්ෂණ ගාස්තු ද ගෙවිය යුතු වේ.
බලය ලත් නිලධාරියා විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා දීම සඳහා තීරණය ගෙන ඇති විට අදාල ව්‍යාපෘතිය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීම සඳහා වන කොන්දේසි සකස් කර නීති අංශය වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ. නීති අංශයෙන් අනුමැතිය ලැබුණු පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය සඳහා වන ගාස්තුව ගෙවන ලෙස අයදුම්කරුට ලිඛිතව දන්වනු ලැබේ. බලපත් ගාස්තුව ගෙවූ පසු බලය ලත් නිලධාරියාගේ අත්සන සහිතව පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කරනු ලැබේ.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




