Tamil-SriLankaEnglish (UK)

පාරිසරික නිර්දේශයක වලංගු කාලය (අවශ්‍ය නම්) දීර්ඝ කර ගැනීමට හැකි ද?

ඔව්. හැකි යි.

මධ්‍යම පරිසර අධිකාරියෙහි අදාල පළාත් පළාත් පාලන ආයතනය වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු වේ.

නිකුත් කරන ලද පාරිසරික නිර්දේශයක වලංගු කාලය කොපමණ වේ ද?

නිකුත් කරන ලද දිනයෙහි සිට වර්ෂයක කාලයක් සඳහා පාරිසරික නිර්දේශයක් වලංගු වේ. පාරිසරික නිර්දේශයෙහි එම වලංගු කාලය දක්වා ඇත.

පාරිසරික නිර්දේශය ලබා ගන්නේ කෙසේ ද? ඒ සඳහා නිශ්චිත ක්‍රියා පටිපාටියක් තිබේ ද?

ඔව්.
පාරිසරික නිර්දේශයක් ලබා ගැනීම් වැඩ පිළිවෙළ.

පාරිසරික නිර්දේශ ක්‍රියාවලිය සඳහා කොපමණ ගෙවීමක් කළ යුතු ද?

ක්ෂේත්‍ර පරීක්ෂණය සඳහා පරීක්ෂණ ගාස්තු ගෙවිය යුතු වේ. පවතින අවම ගාස්තුව රු. 3360/-ක් වන අතර වැඩිම ගාස්තුව රු. 11,200/-ක් වේ. (රාජ්‍ය බදු ඇතුළත්ව)

පාරිසරික නිර්දේශයක් ලබා ගත හැකි වන්නේ කුමන ස්ථානයකින් ද?

මධ්‍යම පරිසර අධිකාරියේ ඕනෑම පළාත් කාර්යාලයකින්.

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න