බත්තරමුල්ලේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතෙහි අංක 104 ස්ථානයේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර කළමනාකරණ සහ ඇගැයීම් අංශය වෙතිනි.
දුරකථන අංකය : 011-2872419, 011-2876643
ෆැක්ස් අංකය : 011-2872296
මධ්‍යම පරිසර අදිකාරියෙහි විකිණීමට තබා ඇති පහත සඳහන් ලේඛන ඔබට වැදගත් වේ.
මධ්‍යම පරිසර අධිකාරියේ සහ විශ්ව විද්‍යාල කිහිපයක ම පුස්තකාල සතුව පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලියේ පසුබිම් තොරතුරු ඇතුළත් මනා ග්‍රන්ථ සංචිතයක් ඇත. පරිශිලනය සඳහා වන අතීත පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තා මධ්‍යම පරිසර අධිකාරියෙහි පුස්තකාලය සතුව ඇත.
අලුතින් ආරම්භ කරන ව්‍යාපෘති/කර්මාන්ත සඳහා වන පාරිසරික අවශ්‍යතා
කර්මාන්ත/ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා වන පාරිසරික අවශ්‍යතා
උපද්‍රවකාරී ද්‍රව්‍ය ආනයනය/අපනයනය සඳහා වන පාරිසරික අවශ්‍යතා
වැඩ බිමෙහි කිසිදු වෙනසක් සිදු නොවන ක්‍රියාකරකම් පමණකි. ව්‍යාපාති යෝජකයා විසින් මහජනතාව සහ යෝජිත ව්‍යාපෘතිය කෙරෙහි සැලකිල්ලක් දක්වන පාර්ශ්ව වෙත කෙරෙන දැනුම්වත් කිරීම්, විස්තර ඉදිරිපත් කිරීම් ආදිය සිදු කළ හැකි වේ. ඇත්ත වශයෙන් ම මේ සඳහා වෘත්තීයමය මහජන සම්බන්ධක නිලධාරීන් ගේ සේවය ලබා ගන්නා ලෙස ව්‍යාපෘති යෝජකයින් වෙත උපදෙස් ලබා දී දිරිගන්වනු ලැබේ.
භූමිය මැනීම සහ භූමි පරීක්ෂණ වැනි කටයුතු සිදු කිරිමට බාධාවක් නොමැත.
ඔබට පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා/වරිය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි යි. ඔහු/ඇය විසින් ලබා දෙන තීරණය අවසාන තීරණය වේ.
ඔව්.
යෝජිත වැඩ බිම සම්බන්ධයෙන් නෛතික බලය ඇති අදාල පළාත් පාලන ආයතන වෙතින් ව්‍යාපෘතිය සඳහා අනුමැතීන් ලබා ගත යුතු වේ. එහි දී තවත් බලපත් ලබා ගැනීම ට අවශ්‍ය වීමට ඉඩ තිබේ.පාරිසරික බලපෑම් ඇගැයීම මගින් ලැබෙන්නේ පාරිසරික අනුමැතිය පමණක් බව සැලකිල්ල ට ගත යුතුයි. පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලිය ට එළඹීමට ප්‍රථම භූමිය සඳහා වන අනුමැතීන් අදාල ආයතන වෙතින් ලබා ගෙන තිබීම වැදගත් වේ.
සාමාන්‍යයෙන් අනුමැතිය වලංගු වන කාලය වර්ෂ 3කි. ව්‍යාපෘති යෝජකයා විසින් වර්ෂ 3ක් ඇතුළත ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් නො කරන ලද්දේ නම් නැවතත් ව්‍යාපෘති අනුමත කිරිමේ ආයතනයක් වෙතින් අනුමැතිය අලුත් කරවා ගැනීම සිදු කළ යුතු වේ. අනුමැතිය ලබා දෙන ලේඛනයෙහි වලංගුතා කාලය දක්වනු ලැබේ.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




