ජාතික පරිසර පනත උල්ලංගණය කරමින් අධික ශබ්දය/ කම්පනය උත්පාදනය කිරීම, අපජලය අක්‍රමවත් ලෙස බැහැර කිරීම, වායු දූෂණය සිදු කිරීම, ඝන සහ විනාශකාරි අපද්‍රව්‍ය උත්පාදනය ආදී පරිසර දූෂණ තත්ත්ව/ පාරිසරික ගැටළු මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කළ හැකි යි.
ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ලියා පදිංචි වූ කර්මාන්ත මගින් සිදු කෙරෙන පරිසර දූෂණයන් සම්බන්ධයෙන් වන මහජන චෝදනා පරිසර දූෂණය පාලනය කිරීමේ ඒකකය වෙත යොමු කළ හැකියි. මධ්‍යම පරිසර අධිකාරියේ සුපරීක්ෂණය යටතේ පවතින ගැටළු පිළිබඳ ව ඒකාබද්ධ අධ්‍යයනයක් මධ්‍යම පරිසර අධිකාරිය සහ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය විසින් සිදු කරනු ඇත.
ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ලියා පදිංචි වූ කර්මාන්ත මගින් සිදු කෙරෙන පරිසර දූෂණයන් සම්බන්ධයෙන් වන මහජන චෝදනා පහත ලිපිනයන් වෙත යොමු කළ හැකි යි.
අධ්‍යක්ෂ (පරිසර දූෂණය පාලනය කිරීමේ ඒකකය ) |
හෝ | අධ්‍යක්ෂ (පරිසර දෙපාර්තමේන්තුව ), |
බොහෝ රටවල සිදු කෙරෙන ආකාරයට ශ්‍රී ලංකාවේ ත් කර්මාන්ත පරිසර දූෂණය පාලනය කිරීමට සාම්ප්‍රදායික විධාන සහ පාලන ක්‍රමවේදයන් භාවිතා කරනු ලැබේ. පරිසර දූෂණය පාලනය කෙරෙන ප්‍රධාන ක්‍රමය නම් පරිසර ආරක්ෂණ බලපත්‍රයයි. අපද්‍රව්‍ය සහ අපජලය බැහැර කිරීමේ ප්‍රමිතීන් සම්පාදනය කරනු ලබන්නේ මධ්‍යම පරිසර අධිකාරිය විසිනි. නිෂ්පාදනයන්හි සක්‍රීයව යෙදීම සඳහා අවශ්‍ය වන පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගත යුතු කර්මාන්ත ද ලැයිස්තු ගත කර තිබේ.
පරිසර ආරක්ෂණ බලපත්‍රය මගින් සිදු කෙරෙන අපජලය බැහැර කිරීම් පාලනය නොසලකා හැරිය විට බොහෝ ජල ප්‍රභව වල තත්ත්වය ක්‍රමයෙන් පිරිහීමට ලක්වෙමින් පවතින බව පෙනී යයි. මෙයට හේතුව පනවා ඇති ප්‍රමිතීන්, බැහැර කෙරෙන අපජලයේ සංයුතිය පිළිබඳව හැර අපජලය බැහැර කරන පරිමාව පිළිබඳව නොතකා හැරීමයි.
කර්මාන්ත වල දී නිපදවෙන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමේ ක්‍රමයක් ලෙසත් එමගින් අපද්‍රව්‍ය බැහැර කිරීමට පෙර සිදු කෙරෙන ප්‍රතිකාරක ක්‍රම සඳහා වැය වන පිරිවැය අවම කිරීමේ ක්‍රමයක් ලෙසත් සුපිරිසිදු නිෂ්පාදන හඳුන්වා දිය හැකියි. සුපිරිසිදු නිෂ්පාදන තාක්ෂණය භාවිතයට ගැනීම මගින් මධ්‍යම පරිසර අධිකාරිය පනවා ඇති රෙගුලාසි වලට අනුගත වීම මෙන්ම ලාභ ඉපැයීම වර්ධනය වීම ත් සිදුවන නිසා දෙපාර්ශ්වයට ම වාසි දායක වේ.
අවාසනාවකට, ශ්‍රී ලංකාවේ කර්මාන්ත විශාල සංඛ්‍යාවකට සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය ව්‍යාප්ත වී නොමැත. එම නිසා මධ්‍යම පරිසර අධිකාරිය මගින් කර්මාන්තහිමියන් හට ඔවුන්ගේ නිෂ්පාදන කාර්යාවලියන් හි දී සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය භාවිතා කරන මෙන් උපදෙස් ලබා දී තිබේ.
සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය, කර්මාන්ත හිමියනට මූල්‍යමය වශයෙන් වාසි දායක අයුරින් අපද්‍රව්‍ය ජනනය අවම කිරීමට සහාය ලබා දෙයි. සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය යටතේ පරිසරයට බැහැර කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ද අඩු කෙරේ. එම නිසා බැහැර කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කර ගැනීම ට හැකි වීම කර්මාන්තහිමියන් හට සුපිරිසිදු නිෂ්පාදන සංකල්පය යටතේ ලැබෙන වාසියකි.
ජාතික පරිසර පනත යටතේ කර්මාන්ත අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරිම පාලනය කිරීම සඳහා දැනට පවතින ක්‍රමවේදය පරිසර ආරක්ෂණ බලපත්‍රයයි. එය විධාන සහ පාලනය ක්‍රමය යටතේ පිහිටුවන ලද්දකි. එසේම, සංවර්ධන ව්‍යාපෘතීන් ගෙන් සිදු වන බලපෑම් වලින් ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීමට සහ එම ගැටළු කළමනාකරණය කිරීමට දැනට පවතින නෛතික ක්‍රමවේදය පරිසර බලපෑම් ඇගැයීම යි. මෙම නෛතික ක්‍රමවේදයන් දෙකට අමතර ව, පරිසර අධ්‍යාපන සහ දැනුම්වත් කිරීමේ වැඩ සටහන මධ්‍යම පරිසර අධිකාරිය මගින් දිවයින පුරා පාසල් වල දී සිදු කෙරේ.
කෙසේ වෙතත්, ඉහත සඳහන් ක්‍රමවේදයන් ත්‍රිත්වය, මධ්‍යම පරිසර අධිකාරියේ ඉලක්කය වන පරිසර දූෂණ කාරක පාලනය කිරීම ට ප්‍රමාණවත් නොවේ. එසේම, ඉහත සඳහන් ක්‍රමවේදයන් ක්ෂේත්‍රය තුළ ස්ථාපනය කිරීමේ දී මධ්‍යම පරිසර අධිකාරියට බොහෝ ප්‍රායෝගික ගැටළු වලට මුහුණ පෑමට සිදු වේ. එම නිසා පවතින නෛතික ක්‍රමවේදයන්ට අමතරව, වෙනත් පරිපාලනමය ක්‍රමවේදයන් හඳුන්වා දීම පරිසර දූෂණය පාලනය කිරීම සඳහා වන ඉතා වැදගත් අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.
ජාතික හරිත සම්මාන සංකල්පය, පරිසර දූෂණය පාලනය කිරීම සඳහා ත් පරිසරයට අපද්‍රව්‍ය බැහැර කිරීම හෝ විමෝචනය කිරීම කළමනාකරණය කිරිම සඳහාත් වන සාර්ථක වැඩ පිළිවෙළක් ලෙස, මධ්‍යම පරිසර අධිකාරිය විසින් හඳුනාගෙන ඇත. ජාතික හරිත සම්මාන වැඩ පිළිවෙළ මගින් විවිධ ක්ෂේත්‍රයන් හි ස්ථාපිත කර්මාන්ත අතර පරිසර දූෂණය වැළැක්වීමේ සහ පරිසරය හරිතවත් කිරීමේ පියවර අනුගමනය කිරීම පිළිබඳ තරගයක් ඇති කරයි. එමගින් ශ්‍රී ලංකාවේ පරිසරයේ ගුණාත්මය ඉහළ නංවා ගැනීමට යම් වැඩ කොටසක් සිදු කෙරේ.
පරිසරය හරිත වර්ණයෙන් සහ පිරිසිදුව තබා ගැනීමට සිදු කෙරුණු මෙහෙයන්හි ලා කර්මාන්ත නිෂ්පාදන ක්‍රියාවලියෙහි ත්, පාරිසරික වගකීමෙහි ත්, සම්බන්ධීකරණයෙහි සහ අන්‍යොන්‍ය අදහස් හුවමාරුවේ ත් ජයග්‍රාහී සිහිවටන ලෙස ජාතික හරිත සම්මාන සැලකේ. ජයග්‍රාහකයන් විසින් අනුගමනය කරන ලද පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රමවේදයන් සොයා ගැනීමටත්, සාකච්ඡා කිරීමටත්, ප්‍රසිද්ධ කිරිමටත් අනගි අවස්ථාවක් මෙමගින් සැපයෙන අතර සමස්තයක් ලෙස අදාල කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ උත්සාහයන් ඇගැයීමට ද ලක් වේ. එය පරිසරය හරිත වර්ණයෙන් සහ පිරිසිදුව තබා ගැනීම සඳහා ව්‍යාපාරිකයින් සහ සේවා යෝජකයින් වෙත කෙරෙන දිරි ගැන්වීමක් ලෙස සැලකිය හැකියි.
ඉලක්ක සහ අරමුණු
කර්මාන්ත සඳහා වන සම්මාන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ පහත දැක්වෙන ඉලක්ක සහ අරමුණු පෙර දැරිවයි.
ශ්‍රී ලංකාව තුළ දියුණු පරිසර හිතකාමී ක්‍රමවේදයන් අනුගමනය කරන කර්මාන්ත/ ආයතන සඳහා රාජ්‍ය සම්මාන පිරිනැමීම
පවතින ප්‍රමිතීන්ට සහ රෙගුලෙසි වල ට අනුකූල ස්වයං පාලිත- පරිසර දූෂණ පාලන සහ පරිසර කළමනාකරණ පද්ධතියක් අනුගමනය කිරීම මගින් සුරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීම උදෙසා කටයුතු කිරීම
වැඩ භූමිය තුළ හරිතවත් පිරිසිදු පරිසරයක් පවත්වා ගැනීම සඳහා කාර්ය මණ්ඩල තුළ කැමැත්තක් ඇති කිරීම
පරසරයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා වන නව තාක්ෂණික ක්‍රමවේද සංවර්ධනය කිරීම සහ භාවිතයට ගැනීම
පරිසර හිතකාමී ක්‍රියාවලීන් ගෙන් නිෂ්පාදනය කළ කර්මාන්ත නිමැවුම් සඳහා වෙළෙඳපළ අවස්ථා නිර්මාණය කර දීම මගින් කර්මාන්තහිමියන් ගේ පරිසර හිතකාමීත්වය වර්ධනය කරවීමට පියවර ගැනීම
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වූ කර්මාන්ත සඳහා පාරිසරික එකඟතාව නිකුත් කිරීමේ ක්‍රියාවලිය
සංශෝධන පනත් (1980 අංක43, 1983 අංක21, 1992 අංක49 සහ2002 අංක9) අනුව සංශෝධනය කරන ලද1978 අංක4 දරන මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා පනතෙහි17(2) පරිච්ඡේදය යටතේ මධ්‍යම පරිසර අධිකාරියත්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයත් 1996 දී එළඹ ඇති එකඟතාවයකට අනුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වූ කර්මාන්තවලින් සිදුවන පරිසර දූෂණය පාලනය කිරීමේ සම්බන්ධීකරණ කටයුතු මෙහෙය වීම සිදු කෙරෙනුයේ මධ්‍යම පරිසර අධිකාරිය මගිනි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වූ නියමිත කටයුතු/කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රියාවලිය,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වු , 2022.01.27 දිනැති අංක2264/18 දරන ගැසට් නිවේදනයේසඳහන්˝අ˝,˝ආ, ˝ඇ˝ සහ "ඈ" කාණ්ඩ යටතේ දක්වා ඇති කර්මාන්ත ක්‍රියාකාරකම්/නියමිත කටයුතු සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම සහ යෝජිත ව්‍යාපෘති සඳහා වනපාරිසරික නිර්දේශ නිකුත් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ එකඟතාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලබාගත යුතුය.
පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අයදුම්පත2008.02.01 දිනැති අංක1534/18 දරණ ගැසට් නිවේදනයේප්‍රකාශයට පත් කර ඇත.
එක් එක් කර්මාන්ත ක්‍රියාවලි සදහා සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර පහත සඳහන් ලිපි ලේඛන සමඟ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පරිසර කළමනාකරණ අංශයට ඉදිරිපත් කළ යුතුය.
ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වූ කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා වන පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීමේ ක්‍රියාවලිය (“අ”,“ආ”“ඇ” සහ "ඈ" කාණ්ඩ සඳහා)
පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අලුත් කිරීමේ අයදුම්පත2008.02.01 දිනැති අංක 1534/18 දරණ ගැසට් නිවේදනයේප්‍රකාශයට පත් කර ඇත.
සම්පූර්ණ කරන ලද අයදුම්පත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය.
1. පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අවලංගු වන දිනයට මාස 03කට පෙර
2. සැපයූ තොරතුරු වල යම් වෙනස් කමක්, දීර්ඝ කිරීමක් හෝ ක්‍රියාකාරීත්වයේ යම් වෙනසක් සිදු කර මාසයක් ඉකුත් වීමට පෙර
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි පිටපතක්
අදාල කර්මාන්තය/නියමිත කටයුත්ත සඳහා ඉඩම භාවිතා කිරීම සඳහා වන නෛතික අවසරය (ඔප්පුවෙහි පිටපත, බදු ගිවිසුමෙහි පිටපත ආදී වශයෙන්.)
භූමියේ මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
අදාල කර්මාන්තය එම භූමියේ ස්ථාපිත කිරීම සඳහා වන වන නෛතික අවසරය (අනුකූලතා සහතිකය, අදාල පළාත් පාලන ආයතනය මගින් ලබා ගත් වෙළෙඳ බලපත්‍රය හෝ අනුමැතිය.)
විශේෂිත නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන නිෂ්පාදන සහතිකය (ස්කාගාර නිෂ්පාදන, ඖෂධීය නිෂ්පාදන, කෘමිනාශක ද්‍රව්‍ය නිෂ්පාදන ආදිය)
පරිසර දූෂණය අවමකිරීම සඳහා වන නිර්දේශ
ආසන්නතම නගරයෙහි සිට කර්මාන්තය පිහිටි ස්ථානය දැක්වෙන දළ මාර්ග සිතියමක්
අධිකාරිය මගින් ඉදිරිපත්කරන ලෙස දන්වා සිටිනු ලබන වෙනත් යම් ලේඛනයක් හෝවිස්තරයක්
විශේෂඥයින් / උපදේශකයින් සහ රසායනාගාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය.
පාරිසරික ප්‍රමිතීන්ට අනුකූල වන සේ අපජලය බැහැර කිරීම, වායු සහ ශබ්ද විමෝචනය කිරීම සඳහා අවශ්‍ය නිසි පියවර ගැනීමට අයදුම්කරු කටයුතු කළ යුතු වේ.
අයදුම්කරුගේ වගකීම වන්නේ බාහිර පරිසරයට එනම්, වාතය, ජලය හා පසට අපද්‍රව්‍ය මුදා හැරීමේ දී වන බලපෑම අවම වනසේ කටයුතු කිරීමයි. මේ සඳහා සුදුසු තාක්ෂණික ක්‍රමවේදයක් සහ සුදුසු ප්‍රායෝගික පාරිසරික විකල්ප අනුගමනය කිරීමෙන් ප්‍රශස්ත පාරිසරික විසඳුම් කරා කර්මාන්තකරුවන්ට ළඟා විය හැකිය.
මේ සඳහා පාරිසරික ආරක්ෂණ බලපත් අයදුම්කරුවෙකු විසින් අදාල කර්මාන්ත ක්‍රියාකාරකම් හේතුවෙන් විමෝචනය වන/ බැහැර කරනු ලබන පාරිසරික දූෂ්‍යකාරක සම්බන්ධයෙන් පිළිගත් රසායනාගාරයක් වෙතින් විශ්ලේෂණයට ලක් කිරිම අනිවාර්යවේ.
යම් කර්මාන්තයක් මධ්‍යම පරිසර අධිකාරිය මගින් පනවා ඇති පාරිසරික ප්‍රමිතීන්ට දක්වන අනුකූලතාව සනාථ කිරීම සඳහා ඇතැම් පාරිසරික පරාමිතීන් ඇගැයීම් පිළිබඳ වාර්තා නොකඩවා ලබාගත යුතු වේ. කර්මාන්ත ක්‍රියාකාරකම් හේතුවෙන් ජනනය වන පාරිසරික දූෂ්‍යකාරක සහ විමෝචනයන් පනවා ඇති පාරිසරික ප්‍රමිතීන් ඉක්මවා යන්නේ නම් අයදුම්කරු විසින් පරිසර දූෂණය වැළැක්වීම සඳහා නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වේ.
මධ්‍යම පරිසර අධිකාරිය මගින් කර්මාන්තහිමියන්ගේ පහසුව සලකා, ඔවුන් හට පරිසර දූෂණය පාලනය කිරීම සඳහා වන නිසි තාක්ෂණික මග පෙන්වීම සහ උපදෙස් ලබාගැනීමට හැකි විශේෂඥයින්/ උපදේශකයින් ගේ ලැයිස්තුවක් පිළියෙල කර තිබේ. යම් කර්මාන්තයක නිපදවෙන අපද්‍රව්‍ය හෝ විමෝචනයන් ගේ නියැඳි පරීක්ෂා කර අදාල කර්මාන්තය මධ්‍යම පරිසර අධිකාරිය මගින් පනවා ඇති පාරිසරික ප්‍රමිතීන්ට අනුකූල දැයි පරීක්ෂා කිරීම සඳහා රසායනාගාර ලැයිස්තුවක් ද පිළියෙළ කර ඇත.
කර්මාන්ත හිමියන්ගේ ගැටළු වලට විසඳුමක් ලබා දීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයට මනා සේවයක් ලබාදීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය, වර්තමාන විශේෂඥයින්/ උපදේශකයින්ගේ ලැයිස්තුව සහ රසායනාගාර ලැයිස්තුව පවත්වාගෙන යාම සහ කලින් කලට අදාල යාවත්කාල කිරීම් සිදු කර ගෙන යයි.
වසර 2 කට වරක් විශේෂඥයින් / උපදේශකයින් ලියා පදිංචි කිරීම සඳහා අයදුම් පත්‍ර කැඳවනු ලැබේ.
මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි වීමට අදහස් කරන යම් විශේෂඥයෙකු/ උපදේශකයෙකු හෝ රසායනාගාරයක් විසින් ලියාපදිංචි වීමේ අයදුම් පත්‍රය සම්පූර්ණ කර පහත දැක්වෙන ලිපි ලේඛන සමග ඉදිරිපත් කළ යුතු වේ.
යම් විශේෂඥ ආයතනයක් / උපදේශක ආයතනයක් හෝ රසායනාගාරයක් සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි වීමට අය කරන ගාස්තුව රු. 15000/= කි. (මේ සඳහා රජයේ අනුමත බදු ඇතුලත් විය යුතුය.)
වාර්ෂික දායකත්ව ගාස්තුව රු.20000/=කි. (මේ සඳහා රජයේ අනුමත බදු ඇතුලත් විය යුතුය.)
විශේෂඥයෙකු හෝ උපදේශකයෙකු හෝ රසායනාගාරයක් අලුත් කිරීම සඳහා අයදුම් පත
අපනයන සැකසුම් කලාප සහ කර්මාන්තපුරවලින් පිටත මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ දුෂකාරක කර්මාන්ත ස්ථානගත කිරීම් පිළිබඳ තීරණය කිරීම සඳහා වු කමිටුව.
1993 සැප්තැම්බර් මස 15 වන දිනැති කැබිනට් පත්‍රිකා අංක 93/340/166 ට අනුව,අපනයන සැකසුම් කලාප සහ කර්මාන්තපුරවලින් පිටත මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ දුෂකාරක කර්මාන්ත ස්ථානගත කිරීම් තීරණය කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් ස්ථාපනය කරන ලදී. මෙය නව කර්මාන්ත ස්ථානගත කිරීම සම්බන්ධව තීරණ ගන්නා ඉතා විධිමත් තාක්ෂණික කමිටුවකි. මෙම කමිටුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, කර්මාන්ත අමාත්‍යාංශය, කාර්මික තාක්ෂණික ආයතනය, නාගරික සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතන වල විධායක මට්ටමේ තාක්ෂණික නිලධාරීන්ගෙන් සමන්විත වේ.
කොළඹ ප්‍රදේශයේ 75% ක ජල ඉල්ලුම අඹතලේ පොම්පාගාරය මඟින් සපයනු ලබන අතර පොම්පාගාරය වෙත ජලය කැලණි ගඟෙන් ලබා ගන්නා නිසා කාර්මික අපදියර මුදා හැරිම මඟින් කැලණි ගඟ දූෂණය වීම අවම කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ විය. නමුත් දැනට මෙම කමිටුව මඟින් කැලණි ගංඟා ද්‍රෝණියට බාහිරින් පිහිටුවා ඇති විශාල අපජල ප්‍රමාණයක් පිටකරන මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පිළිබඳවද අවධානය යොමුකර ඒවා සඳහා ද අවශ්‍ය උපදෙස් හා නිර්දේශ ලබාදීම සිදුකරනු ලබයි.
පරිසර හිතකාමි කාර්මික පරිසරයක් ඇති කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමය
මධ්‍යම පරිසර අධිකාරයෙහි පරිසර දුෂණ පාලන ඒකකය සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයෙහි ව්‍යාපෘති කළමණාකරන ඒකකය සමග එක්ව උක්ත ණය යෝජනා ක්‍රමය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා හදුන්වා දීමේ ප්‍රධාන අරමුණ වන්නේ පරිසර හිතකාමී කර්මාන්ත පරිසරයක් නිර්මාණය කිරීමයි.
කාර්මික නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් සිදුවන පරිසර දුෂණය සහ අපද්‍රව්‍ය අවම කිරීම, සම්පත් ප්‍රතිසාධනය සහ සුරකීම, පරිසර දුෂණය පාලනය සහ අවම කිරීම, පාරිසරික ගැටළු විසදීම සඳහා කටයුතු කිරීම, බලශක්ති පරිභෝජනය හා පාරිසරික වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය මුලික ක්‍රමෝපායන් ආරම්භ කිරීම වැනි කටයුතු සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යවසායකයින්ට සහන පොලී අනුපාතිකයක් යටතේ ණය මුදල් ලබා දෙනු ලැබේ.
පාරිසරික නිර්දේශයක් යනු කුමක්ද?
පරිසර බලපෑම් ඇගයීම් රෙගුලාසි යටතේ, උපලේඛනගත නොවූ ක්‍රියාකාරකම් සහ 2022.01.27දිනැති අංක 2264/18 දරන ගැසට් නිවේදනයේ දැක්වෙන පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු නියමිත කර්මාන්ත / ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පාරිසරික නිර්දේශය ලබා දීම මධ්‍යම පරිසර අධිකාරිය මගින් ඉටු කරන ප්‍රධාන කාර්යයකි. ජාතික පාරිසරික පනතෙහි IV-ඇ කොටසෙහි සඳහන් අනුමත කර්මාන්තපුර වලින් බැහැරව ඉදි කෙරෙන සියළුම යෝජිත කර්මාන්ත ක්‍රියාකාරකම්, අපජල-ප්‍රතිකාරක වැඩ සටහන් වැනි නිසි පාරිසරික ආරක්ෂණ පහසුකම් වලින්සමන්විත වියයුතු අතර සක්‍රීය නිෂ්පාදනයට එළඹීමට පෙර ඒවායෙහි මනා පරිසර දූෂණ පාලන ක්‍රමවේදයන් පිහිටුවීම අනිවාර්යවේ.
එම නිසා, පාරිසරික බලපෑම් ඇගයීම් වැඩපිළිවෙළට අදාල නොවන 2022.01.27 දිනැති අංක 2264/18 දරන ගැසට් නිවේදනයේ දැක්වෙන පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු සියළුම නව කර්මාන්ත ක්‍රියාකාරකම් මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් අදාල ව්‍යාපෘතීන් සඳහා වන පාරිසරික නිර්දේශ ලබා ගන්නා ලෙස අවවාද කෙරේ.
යෝග්‍යතා සැලකීමේ දී, යෝජිත ස්ථානය පිහිටා ඇති ප්‍රදේශය සහ පළාත් පාලන ආයතන වල කලාපීය සැලසුම්වලට දක්වන අනුකූලතාව, රක්ෂිත කලාප සහ වැඩිපුර පරිසර දූෂණ පරිමාවක් ලබාගැනීමට එම පරිසරයේ ඇති හැකියාව හා අපද්‍රව්‍ය මුදාහැරීමේ අවශ්‍යතාව යන කරුණු මත පිරික්සීමට ලක් කෙරේ.
පාරිසරික නිර්දේශ ලබා දීමේ කාර්යයෙහි අරමුණු
මෙම ක්‍රියාමාර්ගය මධ්‍යම පරිසර අධිකාරියට මෙන්ම කර්මාන්ත සඳහා ද ප්‍රතිලාභ රැසක් ගෙන දෙයි. ආරම්භක අවස්ථාවේ දී ම, පරිසර දූෂණය පාලනය කිරීමට ලැබීම මධ්‍යම පරිසර අධිකාරියට ලැබෙන ප්‍රතිලාභයක් වන අතර පාරිසරික නිර්දේශයන්හි ඇතුළත් කොන්දේසි වලට අනුගත වන්නේ නම් , කර්මාන්තහිමියන්ට ද එම ප්‍රතිලාභයම ලැබේ.
පාරිසරික නිර්දේශ ලබා ගැනීමේ ක්‍රියාවලිය
අයදුම් කිරීමේ ක්‍රියාවලිය
මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලය හෝ පළාත්/ දිස්ත්‍රික් කාර්යාලයක් වෙතින් පාරිසරික නිර්දේශය ලබා ගැනීමට අදාල අයදුම්පත ලබා ගත හැකිය.
අයදුම්කරු විසින් පහත සඳහන් ලිපිලේඛන සමඟ සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර අදාල පළාත් හෝ දිස්ත්‍රික් කාර්යාල වෙත ඉදිරිපත් කළ යුතුය.
1. යෝජිත භූමියේ මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
2. ගොඩනැගිලි සැලැස්මේ පිටපතක්
3. ආසන්නතම නගරයේ සිට යෝජිත කර්මාන්තය පිහිටි ස්ථානය දැක්වෙන දළ මාර්ග සිතියමක්
අයකළ යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කිරීම
කර්මාන්ත හිමියා විසින් සපයා ඇති තොරතුරු මත පදනම්ව මධ්‍යම පරිසර අධිකාරියේ අදාල පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල මගින් අයකළ යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කර අදාල කර්මාන්ත හිමියා වෙත ලිපියකින් දන්වනු ලැබේ. දැනට අවම ගාස්තුව රුපියල් 3472.22 ක් වන අතර උපරිම ගාස්තුව රුපියල් 23009.26 කි. (මේ සඳහා රජයේ අනුමත බදු ඇතුලත් විය යුතුය.)
එසේ නියම කරනු ලබන ගාස්තුව, කර්මාන්ත හිමියා විසින් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාල හෝ අදාල පළාත් කාර්යාලය හෝ දිස්ත්‍රික් කාර්යාලය වෙත හෝ ගෙවා ලදු පතක් ලබා ගත යුතුයි.
එම ලදුපත අදාල පළාත් කාර්යාලය හෝ දිස්ත්‍රික් කාර්යාලය වෙත ඉදිරිපත් කළයුතුයි.
ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කිරීම,නිර්දේශ සහිත පරීක්ෂණ වාර්තා
ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තුව ගෙවු ලදු පත අදාළ පළාත් / දිස්ත්‍රික් කාර්යාලය වෙත ලැබුණු පසු , කර්මාන්තය සම්බන්ධයෙන් අයදුම්පතෙහි සපයා ඇති තොරතුරු පරීක්ෂා කිරීමටත්, පරිසර දූෂණය පාලනය කර ගනිමින් එවැනි කර්මාන්තයක් පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීමටත්, නිලධාරීන් කණ්ඩායමක් විසින් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කරනුලැබේ.
කර්මාන්තය සම්බන්ධයෙන් සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂා තොරතුරු, අයදුම්කරුවිසින් සපයා ඇති තාක්ෂණික වාර්තා සහ සමාජයීය කරුණු මත පදනම්ව පරීක්ෂණ කණ්ඩායම විසින් ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව සම්පාදනය කරනු ලැබේ.
පාරිසරික නිර්දේශ නිකුත් කිරීම.
යෝජිත ස්ථානය නිර්දේශ කළ හැකි නම්, සිදු විය හැකි පරිසර දූෂණය අවම කරවා ගැනීමට අවශ්‍ය කොන්දේසි සහිත පාරිසරික නිර්දේශය අදාල පළාත් පාලන ආයතනය වෙත නිකුත්කරනු ලැබේ. මෙම පාරිසරික නිර්දේශයෙහි පිටපතක් අයදුම්කරුටත් වෙනත් අදාල සංවිධාන හෝ ආයතන ඇතොත් ඒ වෙතත් යොමු කරනු ලැබේ.
පාරිසරික නිර්දේශ ලිපියක් නිකුත් කිරීම සඳහා රජයේ අනුමත බදු ඇතුලත්ව රු. 5000/- ක පරිපාලන ගාස්තුවක් අයකරනු ලැබේ.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




