Tamil-SriLankaEnglish (UK)

ශ්‍රී ලංකාවේ පිහිටි ඓතිහාසික සහ පාරිසරික වටිනාකමක් සහිත වෘක්ෂ ලතා සහ සංස්කෘතිකමය වැදගත්කමක් සහිත විශේෂිත හෝ දුර්ලභ ස්ථාන සංරක්ෂණය

වැදගත්, සුවිශේෂී වූ ස්ථාන සහ වෘක්ෂ ලතා සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන, මෙම ස්ථාන ආරක්ෂා කිරීම පිණිස මහජන සහභාගීත්වය, පුද්ගලික අංශයේ සහ රාජ්‍ය ආයතන වල දායකත්වයෙන් වැඩ සටහනක් ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ දිය ඇළි සංරක්ෂණය කිරීම

ශ්‍රී ලංකාවේ පිහිටි දිය ඇළි වල දර්ශනීයත්වයට හානි පැමිණෙන, කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර ඉදි කිරීම ඇතුළුව සිදු කෙරෙන විවිධ ක්‍රියාකාරකම් වැළැක්වීම අරමුනු කර ගනිමින් දිය ඇළි 383ක් සඳහා සංරක්ෂණ උපායමාර්ගයන් අනුගමනය කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක වේ.

Issuance of Environmental Recommendations for Non-prescribed activities / projects

Issuance of Environmental Recommendations, for activities which are not prescribed under the Provisions of Part IV C of the NEA, such as Erection of Telecommunication towers, Hotels having less than 99 rooms, Blocking out of land for Real Estate Development, Felling of tree, River bed mining, Extraction of mineral resources, Land Authority of issuing of such recommendations has been delegated to the Provincial Offices the Central Environmental Authority.

ස්වාභාවික සම්පත් කළමනාකරණය සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම

ස්වාභාවික සම්පත් කළමනාකරණය සඳහා වන මාර්ගෝපදේශ අත්පොත සම්පාදනය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අදාල  පාර්ශවයන් නිරන්තර දැනුම්වත් කිරීම් සිදු කෙරේ.

ජාතික පාරිසරික පනතෙහි 32වන වගන්තියට අනුව රෙගුලාසි සම්පාදනය කිරීම

  1. අධි බෑවුම් ප්‍රදේශ වල වාර්ෂික භෝග වගා කිරීම තහනම් කිරීම (අංක 1456/35 හා 2006.08.04 දිනැති ගැසට් නිවේදනය)

  2. වැලි සහ මැණික් සඳහා ගවේෂණය කිරීම, පතල් හෑරීම හා උකහා ගැනීම පිණිස යන්ත්‍රසූත්‍ර භාවිත කිරීම තහනම් කිරීම (අංක 1454/4 සහ 2006.07.17 දිනැති ගැසට් නිවේදනය)

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න