Tamil-SriLankaEnglish (UK)

අතිගරු ජනාධිපතිතුමාගේ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමාගේ පණිවිඩය

newminister

 

මිනිසා හා උපතින් ම බද්ධ වන යාවජීව මිතුරෙකු වේ නම් ඒ පරිසරයයි. පරිසරය හා මිනිසා අතර වන සබැඳියාව ඒ තරම් විශාලයි. පරිසරය වනාහි මිනිසාගේ ජීවය රඳා පවතින්නා වු හදවතයි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් කටයුතු කිරීමට මා හට හැකියාව ලැබිම සුවිශේෂි වුවක් ලෙස සිතමි. මන්ද යත් මහවැලි ව්‍යාපාරයටත්, පරිසරයටත් මා එක ලෙස දක්වන ලබැඳියාව නිසාවෙනි.

 

ලොව පුරා දෛනික ව කාර්මිකරණය, නාගරිකරණය වැනි ක්‍රියාවලීන් හරහා පාරිසරික වශයෙන් විනාශකාරී වු තත්ත්වයන් රැසක් ගොඩනැඟී ඇත. ආර්ථික සංවර්ධනය තුළ රටෙහි සංවර්ධන ක්‍රියාවලිය රඳා පැවතුන ද ඒ හා සමානව ම රටේ පරිසර සංරක්ෂණය කෙරෙහි යොමු වීම ද කාලින අවශ්‍යතාවක් වී ඇත. කර්මාන්ත ශාලා තුළින් රටෙහි ජනතාවගේ ආර්ථික, සමාජයීය සුභ සාධනයක් සිදු වනවා සේම සෞඛ්‍ය සම්පන්න ජනතාවකගේ සේවය ද රටකට අවශ්‍ය වේ. මධ්‍යම පරිසර අධිකාරියේ සමස්ත කාර්යය මණ්ඩලය මෙහිලා දැරිය යුතු වගකීම සුළුපටු නොවේ.

 

ශ්‍රී ලංකාවෙහි ජනාධිපති වශයෙන් මෙන් ම මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස වගකීම් දරන මා හට පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය වඩා සාර්ථක ව සිදු කරමින් රටෙහි අනාගත දරු පරපුරට යහපත් හරිත පරිසරයක් හා යහපත් මානසික, කායික සුවතාවයකින් යුතු පරිසරයක් උරුම කර දීමේ වගකිම පැවරී ඇත. ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රමුඛ සමස්ත කාර්යය මණ්ඩලය සහයෝගය ලබාදෙනු ඇතැයි මා විශ්වාස කරමි. මෙම සත්කාර්යය සද්භාවයෙන් යුතුව ඉටු කිරීමට ඔබ සැමට හැකියාව ලැබේවා !

 

 

මෛත්‍රීපාල සිරිසේන
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය

 

Thursday, 23 April 2015 04:32 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

oilP

polys

bios

ReEBwaste

weerawilasin

epas

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
කසළ කළමනාකරණය තුළින් ඩෙංගු වැළැක්වීම දැනුවත් කිරීමේ වැඩසටහන වර්තමානයේදී ශ්රීළ ලංකාව තුළ ඩෙංගු රෝගය පාරිසරික, සෞඛ්යත... තවදුරටත් කියවන්න
රෝග නිවාරණයට දේශීය ඥාණය අපේ රටේ වසර දහස් ගණනක් තිස්සේ පරපුරෙන් පරපුරට රැකගෙන ආ... තවදුරටත් කියවන්න
ඩෙංගු මර්දන වැඩසටහන-2018 ඩෙංගු වසංගතය නැවතත් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්... තවදුරටත් කියවන්න
වාර්ෂිකව සුහද හමුව - 2019 මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව... තවදුරටත් කියවන්න
ගම්පහ දිස්ත්‍රික් පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් දැනුවත් කෙරේ ගම්පහ දිස්ත්‍රික්කයේ පරිසර නියමු කාර්ය භාර ගුරුභවතුන් සහ... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන - 2019 පෙබරවාරි 02 සෑම වසරකම පෙබරවාරි 02 දිනට යෙදෙන ලෝක තෙත්බිම් දිනය... තවදුරටත් කියවන්න