Tamil-SriLankaEnglish (UK)

විශේෂ ව්‍යාපෘති සහ වැඩසටහන්

ජනාධිපති පරිසර සම්මාන වැඩසටහන

තිරසර සංවර්ධනය ළඟා කරගනිමින් පිවිතුරු යහපත් හරිත රටක් ගොඩනැගීම උදෙසාවූ ශ්‍රී ලාංකීය කාර්යභාරය ඉටු කිරීම පිණිස ආයතන පද්ධතිය හා පොදුජන සමාජය දැනුම්වත් කොට ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ලබාගනිමින් නීල හරිත යුගයක් ගොඩනැගීම ශ්‍රී ලංකා රජයේ අභිලාෂයයි.මේ සම්බන්ධයෙන් නිශ්චිත ඉලක්කගත වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇති අතර, මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ජනාධිපති පරිසර සම්මාන උළෙල මේ අතරින් සුවිශේෂී වැඩසටහනකි.

පරිසර විෂය ක්ෂේත්‍රයට අදාළව විශිෂ්ට මෙහෙවරක් සිදුකළ ආයතන, සංවිධාන, පුද්ගලයන්, පාසල් හා ක්‍රියාදාමයන් ඇගයීමකට ලක්කර ඔවුනට රාජ්‍ය ගෞරවය ලබාදී සිවිල් සමාජ වටිනාකම් ඇති කිරීමත්, ඔවුන්ගේ මෙහෙවර තව තවත් දිරිගැන්වීමත්, පරිසර සංරක්ෂණය හා තිරසාර සංවර්ධනය උදෙසා පොදුජන උද්යෝගය හා ක්‍රියාකාරී සහභාගීත්වය ගොඩනැංවීමත්, සමාජය සංවිධානය කිරීමත් අරමුණු කොට ගෙන ජනාධිපති පරිසර සම්මාන වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.ඒ අනුව, පරිසර විෂය ක්ෂේත්‍රයට අදාළව විශිෂ්ට මෙහෙවරක් සිදු කළ කර්මාන්ත ඇගයීමේ ක්‍රියාවලිය පරිසර දුෂණ පාලන ඒකකය මඟින් සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජලාශ ආශ්‍රිතව ජල තත්ත්වය පසු විපරම් කිරීමේ ව්‍යාපෘතිය

කැළණි ගඟේ ජල තත්ත්වය කළමනාකරණය සහ පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් 2015 දී ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව මෙම තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපෘතිය ප්‍රධාන ක්‍රියාකාරකම් 26 කින් සමන්විත වන අතර, පහත දැක්වෙන ප්‍රධාන අංශ 04ක් යටතේ ව්‍යාපෘතියසැලසුම් කර ඇත.


1. සංසරණ ජල තත්ව රෙගුලාසි සකස් කිරීම සහ ජලය ප්‍රයෝජනයට ගන්නා ආකාරය අනුව කැළණි ගඟ වර්ගීකරණය කිරීම.

 2. රසායනාගාර තුළ ජල තත්ව විශ්ලේෂණය ශක්තිමත් කිරිම.

 3. ක්ෂේත්‍ර පරික්ෂණ දියුණු කිරිම , දුෂක ප්‍රභව ලේඛනය සෑදීම , පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීමට අනුබල දීම මඟින් ඉලක්කගත     ආයතනයන්හි ජල තත්ත්ව පසු විපරම් කිරිමේ හැකියාව බලාත්මක කිරිම.

4.කාර්යක්ෂමව භාවිතා කළ හැකි ජල තත්ත්ව තොරතුරු කළමණාකරණ පද්ධතියක් සකස් කිරිම.

මෙහිදී, මෙම ව්‍යාපෘතිය මඟින් ලබාගන්නා දැනුම සහ මූල්‍ය පහසුකම් මඟින් මධ්‍යම පරිසර අධිකාරියේ ඉදිරි සැලැස්මට අනුව ලංකාවේ අනෙකුත් ගංඟා පසුවිපරම් කිරීම, කළමනාකරණය හා සංරක්ෂණය කිරිමට අපේක්ෂිතයි.

ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය

ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය යනු තිරසාර සංවර්ධන ඉලක්ක කරා ළඟා විමේ දී ආයතනික කාර්යසාධනය මැනිම සඳහා වන මිනුම් දණ්ඩකි.තවද , මෙය ප්‍රතිපත්ති සම්පාදකයන් හා ක්‍රියාත්මක කරන්නන් අතර පරතරය අඩු කරමින් එය වඩාත් සාමූහික ප්‍රයත්නයක් බවට පත් කරන අතර කර්මාන්ත වල පාරිසරික තිරසාර කාර්ය සාධනය පිළිබඳ තොරතුරු අන්තර්ජාතික හා දේශිය ප්‍රජාව වෙත ලබා දෙන්නා වූ ඵලදායී සන්නිවේදන මෙවලමකි.

ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය පාරිසරික, සමාජීය හා ආර්ථික යන නිර්ණායක වලින් සමන්විත වන අතර මේ සමඟ සම්බන්ධ වීමට කැමත්තක් දක්වන සංවිධාන සඳහා මට්ටම් 5 ක් අනුව වාර්තා ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.

මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය විසින් 2012 වර්ෂයේ දී මෙම වැඩසටහන ආරම්භ කරන ලද අතර මධ්‍යම පරිසර අධිකාරීය මෙහි ක්‍රියාකාරී කමිටු සාමාජිකයෙකු මෙන්ම බාහිර විනිශ්චකරුවෙකු ලෙසද කටයුතු කරනු ලබයි.

අපජලය සඳහා අයකිරීම්

බොහෝ රටවල සිදු කෙරෙන ආකාරයට ශ්‍රී ලංකාවේත් කර්මාන්ත පරිසර දූෂණය පාලනය කිරීමට සාම්ප්‍රදායික විධාන සහ පාලන ක්‍රමවේදයන් භාවිත කරනු ලැබේ.

තවද, දැනට පවතින අපජල බැහැර කිරීමේ ප්‍රමිතීන් දූෂක ප්‍රමාණය සහ අපජල පරිමාව නොසලකා හැර සාන්ද්‍රණය පමණක් මැනුම් කර ගනිමින් සකස් කර ඇත.

වර්තමාන විධාන සහ පාලන ක්‍රමවේදයේදී, පරිසරයට මුදා හරින දූෂක ප්‍රමාණය සහ ජල ප්‍රභව වල අතිරික්ත පරිභෝජනය පාලනය නොවන බැවින්, ප්‍රශස්ත පාරිසරික තත්ත්වය පවත්වාගත නොහැකිය. අපජල ජනනය වීම අවම කිරීම තුළින් පරිසර දූෂණය පාලනය සඳහා වැය වන වියදම අඩු කිරීමට කර්මාන්තකරුවන්ට ලබා දෙන ආර්ථික දිරි ගැන්වීමේ යාන්ත්‍රණයක් ලෙස අපජලය සඳහා අයකිරීම් වැඩසටහන හඳුන්වා දිය හැකිය.

සම්පත් ඵලදායී ලෙස පරිභෝජනය සඳහා පෙළඹවීම පාරිසරික නිර්ණායක / ප්‍රමිතීන් වඩා පිරිවැය - ඵලදායී ලෙස ළඟා කර ගැනීමට කර්මාන්තකරුවන් උනන්දු කිරීම මෙහි අරමුණකි.

මෙම වැඩසටහන තුළින් සුපිරිසිදු නිෂ්පාදන තාක්ෂණය, අපජල ප්‍රතිචක්‍රීකරණය සහ නැවත භාවිතය සඳහා කර්මාන්තකරුවන් යොමු වීම සිදුවන අතර ව්‍යවසායකයින්ට මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යයන්ටද ඉන් පිටුවහලක් වේ.

මෙම අපජල බැහැර කිරීම් සඳහා ගාස්තු අයකිරීමේ වැඩසටහන ජාතික පාරිසරික පනතේ යෝජිත සංශෝධන සඳහා ඇතුලත් කර ඇත.

කැළණි ගඟෙහි ජල තත්ත්වය පිළිබඳ තත්කාලීන පසුවිපරම් කිරීමේ වැඩසටහන

කොළඹ අගනගරයෙහි ජිවත් වන ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයෙන් 70% ක් පමණ සපුරාලන කැළණි ගඟ මහඟු සම්පතකි. මානව සෞඛ්‍යය සහ ජෛව විවිධත්වය පවත්වා ගැනීම සැලකීමේදී, කැළණි ගඟ ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස හඳුනා ගෙන ඇත. මෑතකදී කරන ලද සමීක්ෂණවලට අනුව, කැළණි ගඟ ආශ්‍රිතව මධ්‍ය හා මහා පරිමාණ දුෂකාරක කර්මාන්ත 78 ක් පිහිටා ඇත.

කැළණි ගඟට අපජලය සහ අපද්‍රව්‍ය මුදා හැරීම, නාගරික ගංවතුර වැනි නොයෙක් ප්‍රභවයන් ප්‍රධාන වශයෙන් කැළණි ගඟෙහි දුෂණයට හේතු වී ඇත. ‍මෙවැනි අපද්‍රව්‍ය බැහැර කිරීම, අවට ජෛව විවිධත්වය හා පොදු ජනතාව වෙත අනපේක්ෂිත ගැටළු හා හානි සිදු වී ඇත.

ගඟෙහි මාසික හෝ අහඹු නිරික්ෂණ සිදු කිරීම, ගංගා පරිසර පද්ධතිය සමඟ සෘජුව සම්බන්ධ වන අනතුරු සඳහා පිළිගත හැකි විසදුමක් සැපයිය නොහැකි බව වාර්තාගත දුෂණ සිදුවීම් මඟින් අවධාරණය වේ.

අනාගතයෙහි ගංඟා ජල තත්ත්වයන්ට සිදුවිය හැකි ආපදා වැළැක්වීමේ අරමුණ ඇතිව වහාම ක්‍රියාත්මක වන පරිදි ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජල තත්ත්ව පසුවිපරම් දත්ත යොදා හැකි බැවින්, පානීය ජල පරිභෝජනය සඳහා භාවිත වන ගංඟා ආරක්ෂා කිරීම සඳහා නිරන්තර ගංඟා ජල තත්ත්ව නිරික්ෂණය අත්‍යවශ්‍ය කරුණකි.

එබැවින්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් කැළණි ගඟෙහි තෝරාගත් ස්ථාන 3 ක තත්තාලීන ජල තත්ත්වය පසුවිපරම් කිරීමේ පද්ධති 3ක් පිහිටුවීමට මධ්‍යම පරිසර අධිකාරිය අදහස් කරන ලදී.

එහි ප්‍රථම පියවර ලෙස, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් අඹතලේ ජල පොම්පාගාරයෙහි මෙම පලමු තත්කාලීන ජල තත්ත්ව පසුවිපරම් කිරීමේ පද්ධතිය ස්ථාපිත කර ඇත. දෙවන පද්ධතිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් සීතාවක අපනයන සැකසුම් කලාපයට ආසන්නව පිහිටුවීමට යෝජිතයි.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කාර්මික අපජලය සහ අපජල කළමණාකරනය වැඩි දියුණු කිරීම පිළිබඳ සහයෝගිතා අධ්‍යයනය

ජපානයේ පරිසර අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආසියානු ජල පරිසර සහයෝගිතා වැඩසටහන, ජල කළමණාකරනය සඳහා යහ පාලනය ප්‍රවර්ධනය කිරීම, අත්දැකීම් බෙදා හදා ගැනීම සහ ජල කළමණාකරනය පිළිබඳ යහපත් පුරුදු ව්‍යාප්ත කිරීම අරමුණු ගෙන පිහිටුවා ඇත. මෙම වැඩසටහන සඳහා දකුණු ආසියානු රටවල් 14 ක් සාමාජිකත්වය දරන අතර විවිධ පරිසර කළමණාකරන හා ජල දුෂණය පාලනය කිරීමේ වැඩසටහන් වල ක්‍රියාකාරිව නිරත වී සිටියි.

2013 වර්ෂයේ සිට මෙම වැඩසටහනෙහි කේන්ද්‍රීය ආයතනය ලෙස මධ්‍යම පරිසර අධිකාරිය නම් කර ඇත. 2017 වර්ෂයේදී මෙම ආසියානු ජල පරිසර සහයෝගීතා වැඩසටහනෙහි ක්‍රියාකාරී සැලසුම යටතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ භූගත ජල දුෂණය වැළැක්වීම සඳහා කාර්මික අපජලය සහ අපජල කළමණාකරනය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.මේ සඳහා රුපියල් මිලියන 7.2 ක මූල්‍ය පහසුකම් ලබා දෙන ලදී.

මෙම ව්‍යාපෘතිය යටතේ,කර්මාන්ත මඟින් ජනනය වන අපජලය ප්‍රමාණය, අපජලයෙහි තත්ත්වය, උපද්‍රවකාරි ඝණ අපද්‍රව්‍ය ජනනය කිරීම සහ මහජන පැමිණිලි පිළිබඳ සැලකිල්ලට ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත අපජලය ජනනය වන කර්මාන්ත 13 ක් තෝරාගත් අතර එම කර්මාන්ත පසුවිපරම් කිරීම හා එම කර්මාන්තය මඟින් මුදා හරිනු ලබන පිරිපහදු කරන ලද අපජල සාම්පල විශ්ලේෂණය කරන ලදී.

තවද, අදාළ කර්මාන්ත පිහිටීම, භූමි පරිහරණය, ආසන්න ජල ප්‍රභව, ප්‍රදේශයේ ජලවහන රටා, භූගත ජල ගැලීම් රටා සැලකිල්ලට ගනිමින් පානීය ජලය සපයන ළිං 96 ක් තෝරා ගත් අතර වර්ෂයේ සෘතු 4ක දී ජල නියැදීසාම්පල විශ්ලේෂණ වාර්තා ලබා ගන්නා ලදී. එමෙන්ම, තෝරා ගන්නා ලද ළිං 9 ක ජල මට්ටම සහ උෂ්ණත්වය මැනීම සඳහා ජල මට්ටම පිළිබඳ දත්ත ලබා ගත හැකි උපකරණ ස්ථාපනය කරන ලදි.

‍මෙම අධ්‍යනයේ ප්‍රතිඵල සැලකීමෙන් පසු ඉදිරියේදී කර්මාන්ත ස්ථානගත කිරීම සඳහා ප්‍රතිපත්ති සැකසීම හා අධ්‍යනය කරන ලද කර්මාන්ත මඟින් සිදු වන පරිසර දූෂණය පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට යෝජිත වන අතර භූගත ජල තත්ව විශ්ලේෂණය තව දුරටත් ලංකාව පුරා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීමට යෝජිතය.



Tuesday, 18 July 2023 03:56 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

PEA2024cooltext4520530421691702024-03-15-Closing-Date-extended-up-to-31st-March-2024 1

 

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
පරිසර පුරෝගාමී ජාතික කඳවුර මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකා පාසල් පද්ධතිය තුළ... තවදුරටත් කියවන්න
සේවා ඇගයීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, 2024 නව වසරේ රාජකාරි... තවදුරටත් කියවන්න
2024 නව වසරේ රජකාරී ආරම්භ කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, ආගමික වතාවත් සඳහා... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන ලෝක තෙත්බිම් දිනය හා සමගාමීව සැසිවාර තුනකින් යුක්තව... තවදුරටත් කියවන්න