Tamil-SriLankaEnglish (UK)

ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේදී පරිසර දූෂණය පාලනය සහ පාරිසරික බලපෑම අඩු කිරිමේ ව්‍යාපෘතිය (ReEB Waste ව්‍යාපෘතිය)

 

  • ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ජාතික උපායමාර්ගය වසර 2000 දී ස්ථාපිත කිරීමේ සිට ජපාන රජය, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA)  මගින් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ  ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකා රජයට විවිධ සහායන් ලබා දී තිබේ.2002 සිට 2003 දක්වා කාලය තුළ ද්විතීය නගරවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ඉහත සඳහන් කරනු ලැබූ අධ්‍යයනයේදී, එකතු නොකරනු ලබන අපද්‍රව්‍ය සහ   නීත්‍යානුකූල නොවන ලෙස කසළ බැහැර කිරිම වැනි සනීපාරක්ෂක ගැටලු පිළිබඳ තත්ත්වය මේ ප්‍රයත්නයන් නිසා වැඩි දියුණු වී තිබේ. ආර්ථික සංවර්ධනයත් සමඟම  අපද්‍රව්‍ය ජනනය ප්‍රමාණය ද ඉහළ යමින් පවතින නිසා මෑත වර්ෂවලදී  අපද්‍රව්‍ය බැහැරලන ස්ථානවල පාරිසරික තත්ත්වය වැඩි දියුණු කිරීම සහ කොම්පෝස්ට්කරණය මගින්  බැහැරලන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම  වඩාත් වැදගත් වෙමින් පවතීමේ අභියෝගවලට මුහුණ දීම සඳහා, ‘තිරසාර සංවර්ධනය උදෙසා විද්‍යා සහ තාක්ෂණ පර්යේෂණ සහයෝගිතාව (SATREPS) - ශ්‍රී ලංකාවේ ඝන අපද්‍රව්‍ය බිම් පිරවුම් සඳහා පාරිසරික දූෂණ  පාලනය සහ පාරිසරික ප්‍රතිස්ථාපන ශිල්පීය ක්‍රම’ නම් වූ තාක්ෂණික සහයෝගිතා වැඩසටහනක් 2011 සහ 2016 කාලසීමාව තුළ ක්‍රියාත්මක  කරන  ලදුව ශිල්පක්‍රම කිහිපයක් වැඩි දියුණු කරන ලදී.  මෙහි මින් මතු “SATREPS මාර්ගෝපදේශය” යනුවෙන් සඳහන් කරනු ලබන ශිල්පක්‍රම, භාවිතය සඳහා වූ මාර්ගෝපදේශ සංග්‍රහයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා කටයුතු සිදු වෙමින් පවතී.තෝරාගත් පළාත් පාලන ආයතන කිහිපයක නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින්,  SATREPS මාර්ගෝපදේශවල ඉදිරිපත් කරන ලද ශිල්පක්‍රම වල ප්‍රායෝගික ඵලදායීභාවය සනාථ කර ගැනීම සහ ශ්‍රී ලංකාව තුළ අවසන් බැහැරලීමේ ස්ථාන හැකිතාක් සංඛ්‍යාවක පාරිසරික තත්ත්වය වැඩි දියුණු කිරිම සඳහා මාර්ගොපදේශනය ව්‍යාප්ත කිරීම ReEB Waste  ව්‍යාපෘතියේ ඉලක්කය වේ.
  • 2.    ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ව්‍යුහය
  • ව්‍යාපෘතිය ශ්‍රී ලංකා පාර්ශවය සහ ජපාන  පාර්ශවය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර අදාළ බලධාරී ආයතන මෙසේය :
  • ශ්‍රී ලංකා පාර්ශවය
    •    රජ්‍ය ආයතන:
    *    මධ්‍යම පරිසර අධිකාරිය, CEA (ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දරයි.)
    *    පළාත් සභා  සහ පළාත්පාලන, අමාත්‍යාංශය MoPCLG
    *    ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානය (NSWMSC)
    *    මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය, MoMWD
    *    නාගරික සංවර්ධන අධිකාරිය,UDA
    *    අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය -  බස්නාහිර පළාත, (WMA)
    *    නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් පාලන ආයතන

  • o     විශ්ව විද්‍යාල  (SATREPS  පාර්ශ්වකරුවන්)
  •  පේරාදෙණිය විශ්ව විද්‍යාලය
    o    රුහුණු විශ්ව විද්‍යාලය

  • ජපාන පාර්ශවය
    o    JICA ව්‍යාපෘති කණ්ඩායම (ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දරයි)
    o     දීර්ඝකාලීන විශේෂඥයින්
    o    තාක්ෂණික උපදේශකවරුන් (SATREPS  ශිල්පක්‍රම, අවසන් බැහැර කිරීම,කොම්පෝස්ට්කරණය, අපද්‍රව්‍ය වෙන් කිරීම)  
    o    ප්‍රවිචාරකයින් (උපදේශකයින්) (ප්‍රධාන උපදේශක/ඝන අපද්‍රව්‍ය කළමනාකරණය,  අවසන් බැහැර කිරීම,  කොම්පෝස්ට්කරණය, පරිසර අධ්‍යාපනය, පාරිසරික සහ සමාජීය කරුණු)
    o    JICA  ශ්‍රී ලංකා කාර්යාලය
  • 3.    ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව
  • ReEB Waste  ව්‍යාපෘතිය  පහත දැක්වෙන අදියරවලින් වසර 2 ක් තුළ (2017 පෙබරවාරි -  2019 පෙබරවාරි) ක්‍රියාත්මක වනු ඇත.
  • 1 වැනි අදියර :   නියමු ව්‍යාපෘති සැකසීම
    -    නියමු ව්‍යාපෘති ස්ථාන තෝරා ගැනීම
    -    සැලසුම් කිරීම, නිර්මාණය සහ නියමු ව්‍යාපෘති ප්‍රසම්පාදනය
  • 2 වැනි අදියර :   නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
  • -    නියමු ව්‍යාපෘති වැඩබිම්වල පහසුකම් වැඩි දියුණු කිරීමේ කටයුතු
    -    අදාල අවස්ථාවලදී දැනුම්වත් කිරීමේ ක්‍රියාකාරකම්

  • 3 වැනි අදියර :    නියමු  ව්‍යාපෘතිය ඇගයීම
  • -    ව්‍යාපෘතිවලින්  අනාවරණය වූ කරුණු සම්පිණ්ඩනයක් දැක්වෙන අත්පොත සකස් කිරීම
    -    ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ නිර්දේශ හා පොදු උපදෙස් සකස් කිරීම
    -    ව්‍යාපෘතියේ ප්‍රතිඵල දැනුම් දීම සඳහා සම්මන්ත්‍රණය

 

 

තවදුරටත් කියවන්න

 

Monday, 05 February 2018 07:24 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුක් රෝපණයක්... ඉහළ යන වායු දූෂණය හමුවේ ඊට පිළියමක් ලෙසිනුත් පාරිසරික... තවදුරටත් කියවන්න
“ක්‍රීඩා තරඟ වලදී පරිසර ආරක්ෂණය” නේවාසික වැඩසටහන ජාතික ඔලිම්පික්  ආයතනය විසින් ශ්‍රී ලංකාවේ හා දකුණු... තවදුරටත් කියවන්න
The CEA raids an Illegal Lunch Sheet Manufacturing Factory in Korathota, Kaduwela. පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන්... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය - 2020 “ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත්බිම්” මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න