1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත ට අනුව, පාරිසරික වශයෙන් සුවිශේෂී ප්‍රදේශ පාරිසරික ආරක්ෂක ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කිරිම සිදු කෙරෙන අතර, එම ප්‍රදේශ තුළ සිදු කෙරෙන සංවර්ධන කටයුතු නියාමනය කිරීම සිදු කරනු ලැබේ. එසේ ප්‍රකාශයට පත් කරන ලද යම් පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් තුළ ක්‍රියාත්මක වන යම් සැලසුමක් හෝ ව්‍යාපෘතියක් ජාතික පාරිසරික පනතෙහි විධි විධාන වලට පටහැණි ව ක්‍රියාත්මක කිරීම සිදු කළ නොහැකි ය.
ජාතික පරිසර පනත ට අනුව නම් කරන ලද පාරිසරික රක්ෂිත ප්‍රදේශ පහත දක්වා ඇත.
මුතුරාජවෙල පාරිසරික රක්ෂිත ප්‍රදේශය (2006.10.13 දින අංක 1466/26 දරන ගැසට් නිවේදනය)
තලංගම පාරිසරික රක්ෂිත ප්‍රදේශය (2007.03.05 දින අංක 1487/10 දරන ගැසට් නිවේදනය)
ග්‍රෙගරි වැව පාරිසරික රක්ෂිත ප්‍රදේශය(2007.03.05 දින අංක 1487/10 දරන ගැසට් නිවේදනය)
නකල්ස් පාරිසරික රක්ෂිත ප්‍රදේශය (2007.07.23 දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය)
මාරගල කඳ්ර පන්ති පාරිසරික රක්ෂිත ප්‍රදේශ (2008.08. 01 දිනැති අංක 1560/26 දරන ගැසට් නිවේදනය)
වලවුවෙවත්ත, වතුරණ පාරිසරික රක්ෂිත ප්‍රදේශය (2009.04.24 දින අංක 1598/21 දරන ගැසට් නිවේදනය)
බොල්ලොඩ පාරිසරික රක්ෂිත ප්‍රදේශ (2009.12.30 දින අංක 1634/23 දරන ගැසට් නිවේදනය)
හන්තාන පාරිසරික රක්ෂිත ප්‍රදේශ (2010.02.17 දින අංක 1641/28 දරන ගැසට් නිවේදනය)
සියලුම පාරිසරික ආරක්ෂක ප්‍රදේශ වල තොරතුරු ඇතුළත් අත් පත්‍රිකා සකස් කර ඇත.
ප්‍රකාශයට පත් කරන ලද පාරිසරික ආරක්ෂක ප්‍රදේශ සඳහා කළමනාකරණ සැලසුම් සකස් කෙරෙමින් පවතී.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




