Tamil-SriLankaEnglish (UK)

තෙත් බිම් සංරක්ෂණය සහ කළමනාකරණය

ජාතික තෙත් බිම් ප්‍රතිපත්තිය සහ උපායමාර්ග 2006 දී ප්‍රකාශයට පත් කෙරිණි. මෙම ප්‍රතිපත්තියෙහි සඳහන් කළමනාකරණ සැලසුම ක්‍රියාවට නැංවීම සහ සෑම වර්ෂයක ම පෙබරවාරි 02 දිනට යෙදෙන ලෝක තෙත් බිම් දිනය සැමරීමේ ජාතික වැඩ සටහන සහ පළාත් මට්ටමින් වැඩ සටහන් ද සෑම වසරක දී ම සිදු කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ පිහිටි සුවිශේෂී තෙත් බිම් පිළිබඳ විස්තර ඇතුළත් ජාතික තෙත් බිම් නාමාවලිය, ලෝක සංරක්ෂන සංගමය (IUCN) සහ අන්තර්ජාතික ජල කළමනාකරණ ආයතනය (IWMI) සමග ඒකාබද්ධව සම්පාදනය කර ප්‍රකාශයට පත් කර ඇති අතර එය යාවත්කාලීන කර පවත්වා ගෙන යනු ලැබේ.

ප්‍රජා සහභාගිත්වයෙන් තෙත් බිම් කළමනාකරණය උදෙසා ග්‍රාමීය තෙත් බිම් කළමනාකරණ කමිටු පිහිටුවීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වේ. ඒ අනුව, තලංගම සහ මුතුරාජවෙල තෙත් බිම් සඳහා කළමනාකරණ කමිටු 2ක් පිහිටුවා ඇත.

Tuesday, 21 May 2013 12:25 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න