පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශයේ ලේකම් සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ නිත්‍ය නේවාසික නියෝජිත අතර ඇති වූ සාකච්ඡා සම්මුති සටහන පාදක කර ගනිමින් 24.04.2008 දින ශ්‍රී ලංකා රජය සහ කොරියානු ජනරජය විසින් තාක්ෂණික හා මූල්‍යාධාර ලෙස රුපියල් මිලියන 450ක් ද ශ්‍රී ලංකා රජය විසින් ගිවිසුමෙහි සඳහන් නියමිත කාර්යයන් ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 150ක් ද දොම්පේ සනීපාරක්ෂක කසළ රඳවනය ඉදිකිරීම වෙනුවෙන් ලබා දීමට එකඟ වී ඇත.
මෙම කසළ රඳවනය මගින් දොම්පේ ප්‍රාදේශීය සභා සීමාවේ කසළ සඳහා අවසන් බැහැරලීමේ පහසුකම් ලබා දීම ට සැලසුම් කර ඇති අතර එමගින් දිනකට කසළ ටොන් 10ක් කළමනාකරණය කිරීම ට යෝජිත ය. මූලිකව මෙම භූමිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වූ අතර වාණිජ වන වගාවක් ස්ථාපිත කිරීම සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ට ලබා දී තිබුණි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් මෙම භූමියෙන් අක්කර 68ක් දීර්ඝ කාලීන බදු පදනම මත මධ්‍යම පරිසර අධිකාරිය ට ලබා දීම ට පියවර ගත් නමුදු මධ්‍යම පරිසර අධිකාරිය විසින් එයින් හෙක්ටයාර 6ක් පමණක් සනීපාරක්ෂක කසළ රඳවනය ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් තෝරා ගන්නා ලදී.
කසළ කළමනාකරණයට අදාලව කටයුතු කරන ප්‍රතිපත්ති සකස් කරන්නන් සහ රාජ්‍ය සේවකයන්ගේ ධාරිතා වර්ධනය කිරීම
ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ සාර්ථකව ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් සඳහා වූ වැඩ සටහන් ආධාරයෙන් ඒකාබද්ධ කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීම
සනීපාරක්ෂක කසළ රඳවනයක් ඉදිකිරීම සහ එයට අදාල යටිතල පහසුකම් ඉදි කිරිම
කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය මගින් සනීපාරක්ෂක කසළ රඳවනයේ ඉදිකිරීම් වලට අදාල විශේෂිත ඉදිකිරීම් කටයුතු කරගෙන යෑම සඳහා සාකච්ඡා සම්මුති සටහන් අනුව ශ්‍රී ලංකා රජය විසින් සනීපාරක්ෂක කසළ රඳවනයේ පස් කැණීම් කටයුතු සිදු කආ යුතු විය.
ඒ අනුව, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේ ආයතනය වන මධ්‍යම පරිසර අධිකාරිය විසින් පාංශු කැණීමේ කටයුතු සාර්ථකව නිම කරන ලද අතර, 07.06.2012 දින ගරු පරිසර අමාත්‍යතුමාගේ සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිතුමාගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයක දී ව්‍යාපෘතියේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සිදු කිරීම සඳහා ව්‍යාපෘති භූමිය එදින සිට කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙත පවරන ලදී.
කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය විසින් පත් කරන ලද සැම්හි ඉදිකිරීම් ආයතනය විසින් මේ වන විට සනීපාරක්ෂක කසළ රඳවනයේ බිම් පිරවුම්, ආස්තරණ යෙදීම, අපදියර එකතු කිරීමේ නල පද්ධතිය, ජලවහන පද්ධති සහ වායු එක්රැස් කිරිමේ නල පද්ධතිය ඉදිකර අවසන් වී ඇත. වර්තමානය වන විට පරිපාලන ගොඩනැගිල්ල සහ අපදියර ප්‍රතිකර්ම පද්ධතිය ඉදිකෙරෙමින් පවතී.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු...
තවදුරටත් කියවන්න

මධ්‍යම පරිසර අධිකාරිය
104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකා.
දූරකථන: 011-2872419,011-2872278,011-2873447,011-2873448
ක්ෂණික ඇමතුම්: 011-2888999




