Tamil-SriLankaEnglish (UK)

තෙත්බිම් දින ජාතික උත්සවය - 2020 “ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත්බිම්”

මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය ජෛව විවිධත්වයෙන් සපිරුණු තෙත්බිම්තේමාව යටතේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු ඉඩම්, ඉඩම් සංවර්ධන, වනජීවී සම්පත් හා පරිසර අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මැතිතුමා, උසස් අධ්‍යාපන සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගරු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මැතිතුමාඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් 2020 පෙබරවාරි මස 03 සඳුදා දින පෙරවරු 9.00ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

මධ්‍යම පරිසර අධිකාරිය හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව වාර්ෂිකව සංවිධානය කරන මෙම උත්සවය, මෙවර මධ්‍යම පරිසර අධිකාරියේ මූලිකත්වයෙන් සිදුකරන ලදී. තෙත්බිම් හා ආවේණික ශාක ඇතුළත් මුද්දර 10ක් නිකුත් කිරීම, දීප ව්‍යාප්ත තෙත්බිම් සිතුවම් තරගාවලියේ ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික ප්‍රදානය, තෙත්බිම් පාරිසරික කඳවුරේ විවිධ ඉසව් වලින් ජයගත් ජයග්‍රහකයින්ට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය මෙන්ම සොබාකෙත නවතම කලාපය එළිදැක්වීම මෙම උත්සවයේ විශේෂාංග විය.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා හා අධ්‍යක්ෂ ජනරාල් පී.බී. හේමන්ත ජයසිංහ මහතාගේ උපදේශකත්වය මත මධ්‍යම පරිසර අධිකාරායේ ස්වභාවික සම්පත් ඒකකය විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

 

DSC 3901DSC 3907DSC 3922DSC 3945DSC 4028DSC 4070DSC 4036DSC 4043DSC 4049DSC 4067DSC 4070DSC 4072DSC 4073DSC 4074DSC 4086DSC 4087DSC 4097IMG 1196IMG 1268IMG 1287IMG 1313IMG 1314IMG 1315IMG 1317IMG 1318IMG 1319IMG 1330IMG 1358

Wednesday, 05 February 2020 08:21 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

wetQ

oilP

polys

bios

weerawilasin

WEDC

 

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
“Kala Ulela” of the Central Environmental Authority මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ කලා කුසලතා වර්ධනය... තවදුරටත් කියවන්න
The CEA raids an Illegal Lunch Sheet Manufacturing Factory in Korathota, Kaduwela. පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන්... තවදුරටත් කියවන්න
තෙත්බිම් දින ජාතික උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් මෙවර තෙත්බිම් දින ජාතික උත්සවය “ජෛව විවිධත්වයෙන් සපිරුණු... තවදුරටත් කියවන්න