Tamil-SriLankaEnglish (UK)

සභාපතිතුමාගේ පණිවිඩය

පරිසරික නියාමනය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රධානතම ආයතනයක් වන මධ්‍යම පරිසර අධිකාරියට පරිසරය සුරැකීම හා සබැඳිව පැවරී ඇති වගකිම අතිමහත්ය. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත (සංශෝධිත) අනුව ක්‍රියාත්මක මධ්‍යම පරිසර අධිකාරිය; වත්මන් පාරිසරික අභියෝග ජයගෙන ශක්තිමත්ව ක්‍රියා කිරීම ඉතා වැදගත්ය.
ලෝකයම පරිසර සංරක්ෂණය වෙත තම පූර්ණ අවධානය යොමු කරමින් හරිත ආර්ථිකයක් කෙරෙහි අවධානය යොමු කර ඇති යුගයක අප කටයුතු කරන සෑම ක්ෂේත්‍රයකදීම අප ද ඒ සඳහා උපරිම සහාය ලබා දිය යුතුය. එහිදී යහපත් ලෙස තම ආකල්ප වෙනස් කර ගනිමින් තමාට අවංකව තමා සිදුකරනු ලබන සෑම ක්‍රියාවකදීම පරිසරය සුරැකිීම සඳහා කටයුතු කිරීම අප සැමගේ යුතුකම හා වගකීම වේ.
පරිසර සංරක්ෂණය උදෙසා ක්‍රියාත්මක ජාතික සහ ජාත්‍යන්තර සම්මුතීන් වෙත අවධානය යොමු කරමින් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙමින් පරිසරය සුරැකීම සහ රටේ සංවර්ධනය එකිනෙකට ගැටෙන දෙවදෑරුම් මාවත් වෙත යොමු නොකොට එක්ව ගමන් කළ හැකි මාවතක් වෙත යොමු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තීන් සැකසීමට සහය වීම යුගයේ අවශ්‍යතාවයකි. ඩිජිටල්කරණය වැනි නවීන තාක්ෂණික ක්‍රමවේද වෙත යොමු වෙමින් පරිසර සංරක්ෂණ කාර්යයේ දී තාක්ෂණික මෙවලම් මගින් ලබා ගත හැකි පිටිවහල ලබා ගැනීම ද මෙහිදී වැදගත්ය.
මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවීමේ අරමුණු, කාර්යයන් හා කර්තව්‍ය‍යන් ප්‍රශස්ථ මට්ටමින් පවත්වාගෙන යමින් ස්වයං උද්පාදිත ආයතනයක් ලෙස රටේ ආර්ථිකයට ද ශක්තියක් වීම සඳහා නායකත්වය ලබා දීම මාගේ අපේක්ෂාවයි.

වෙනුර ප්‍රනාන්දු
සභාපති
මධ්‍යම පරිසර අධිකාරිය

 

 

 

Tuesday, 09 January 2024 06:21 අවසන් වර ට යාවත්කාල කළ දිනය

hinq

ech1981ecnf

infoactsin

NEIC6

polys

bios

biodegsin

PEA2024cooltext4520530421691702024-03-15-Closing-Date-extended-up-to-31st-March-2024 1

 

airwaterIndex

weerawilasin

 isoy

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
පාරිසරික පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා පාරිසරික පැමිණිලි... තවදුරටත් කියවන්න
පරිසර පුරෝගාමී ජාතික කඳවුර මධ්‍යම පරිසර අධිකාරිය විසින් ශ්‍රී ලංකා පාසල් පද්ධතිය තුළ... තවදුරටත් කියවන්න
සේවා ඇගයීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, 2024 නව වසරේ රාජකාරි... තවදුරටත් කියවන්න
2024 නව වසරේ රජකාරී ආරම්භ කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ කාර්ය මණ්ඩලය, ආගමික වතාවත් සඳහා... තවදුරටත් කියවන්න
ලෝක තෙත්බිම් දින ජාතික වැඩසටහන ලෝක තෙත්බිම් දිනය හා සමගාමීව සැසිවාර තුනකින් යුක්තව... තවදුරටත් කියවන්න