SinhalaSriLankaTamil-SriLanka

ගරු පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මැතිතුමාගේ පණිවුඩය

විවිධ ජගත් සම්මුති හා ගිවිසුම් ගණනාවක් ඔස්සේ පරිසර හිතකාමී සංවර්ධනයට ලෝක නායකයින් පිවිස ඇති අතර සහශ්‍ර සංවර්ධන අභිමතාර්ථ තවදුරටත් පුළුල් කර තිරසර සංවර්ධන අභිමතාර්ථ දාහතක් සාධනය කර ගනිමින් 2030 වර්ෂය වන විට තිරසර සංවර්ධනය ළඟා කර ගැනීමට ලෝකය හා එක්ව අප රට ද යොමු ව සිටී. අපගේ ගමන් මඟ නියමිත දිසාවට කේන්ද්‍ර කර ගනිමින් වේගවත් කිරීම වෙසෙසින්ම අවශ්‍ය වේ.ඒ සඳහා සියලු අමාත්‍යාංශවලට හා ආයතනවලට වගකීමක් තිබෙන අතර ප්‍රමුඛ ආයතනයක් ලෙස පරිසර හා වනජිවී සම්පත් අමාත්‍යාංශයයටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරියට විශාල වගකිමක් පැවරෙනු ඇති බව මාගේ විශ්වාසයයි.

මධ්‍යම පරිසර අධිකාරිය ස්වභාවික සම්පත් තිරසර ලෙස භාවිතය පිළිබඳව මෙන්ම මනුෂ්‍යයන් විසින් මෙන්ම විවිධ කර්මාන්ත හා සේවා ආයතන විසින් විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ සිදුකරන පරිසර දුෂණය පාලනය හා වැළැක්වීම නිසි ලෙස නියාමනය කරනු දැකීම පොදු ජනතාවගේ අපේක්ෂාවයි. ඒ වගේම පොදු ජනතාවගේ පාරිසරික උද්‍යෝගය හා සහභාගීත්වය ගොඩනැඟීම මෙන්ම පරිසර හිතකාමී කර්මාන්ත හා සේවා සංස්කෘතියක් බිහි කිරීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සිදු කරන කාර්ය භාරය අගය කරමින් සිය කාර්යභාරය තවතවත් දිරිමත් කිරීමට හැකි වේවා යි ප්‍රාර්ථනා කරමි.

 

ජයන්ත සමරවීර

ගරු පරිසර රාජ්‍ය අමාත්‍ය

Last Updated on Monday, 06 January 2020 06:39

hinq

ech1981

Ht

ecnf infoactEng

NEIC6

regpoly

reo

PEA2024cooltext452053042169170

2024-03-15-Closing-Date-extended-up-to-31st-March-2024_1.gif

weerawila

consultlab

wastec

isoy

airwaterIndex

Latest News & Events

  • 1
  • 2
  • 3
Complaint Customer Portal An environmental complaint can be lodged though CEA... Read more
Environment Pioneer National Camp The Central Environmental Authority organized the 16th... Read more
Service Appreciation 2024 In conjunction with the celebrations of the New Year... Read more
Mark the commencement of the New Year 2024 To mark the commencement of the New Year 2024, the... Read more
The World Wetlands Day national program The World Wetlands Day national program held on February... Read more