SinhalaSriLankaTamil-SriLanka

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වන කුළුණු මතින් දිවෙන මහා මාර්ගයේ 1 වන අදියර

මධ්‍යම පරිසර අධිකාරිය

ජාතික පාරිසරික පනතේ 23 ආආ වගන්තියේ
දෙවන උපලේඛනය යටතේ දැනුම්දීමයි

(නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වන කුළුණු මතින් දිවෙන මහා මාර්ගයේ 1 වන අදියර)

බේස්ලයින් මාර්ගයට සම්බන්ධක මාර්ගයක් සහිතව නව කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා කුළුණු මතින් ඉදිවන මහා මාර්ග ව්‍යාපෘතිය පිළිබද පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව

1988 අංක 56 සහ 2000 අංක 53 දරණ පනත් මඟින් සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ අංක 23 ආ ආ (1) වගන්තිය යටතේ පනවා ඇති නියමවලට අනුකුලව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉදිරිපත් කර ඇති යෝජිත ඉහත ව්‍යාපෘතිය පිළිබඳ පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව, මෙම දැන්වීම පුවත්පතේ පලවන දින සිට (සති අන්ත දිනවල සහ රජයේ නිවාඩු දිනවල හැර) දින 30 ක කාලසීමාවක් තුල පෙ.ව. 08.30 සිට ප.ව 04.15 දක්වා මහජනතාවගේ පරික්ෂාව සඳහා පහත සඳහන් ස්ථානවල තබනු ලැබේ.
• කොළඹ/ තිඹිරිගස්යාය/ කොළොන්නාව/ ශ්‍රී ජයවර්ධනපුර-කෝට්ටේ/ කඩුවෙල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
• කොළඹ/ ශ්‍රී ජයවර්ධනපුර-කෝට්ටේ/ කඩුවෙල මහ නගර සභාව
• කොළොන්නාව නගර සභාව
• පුස්තකාලය, මධ්‍යම පරිසර අධිකාරිය, නො.104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.
• වෙබ් අඩවිය - www.cea.lk  (  සිංහල, දෙමළඉංග්‍රීසි,කාණ්ඩය  II - ඇමිණුම්)

මෙම දැන්විම පුවත්පතේ පලවන දින සිට දින 30 ක කාල සීමාවක් ඇතුළත මහජනතාව විසින් ඒ පිළිබඳ අදහස් ඇතොත් ඒවා ලිඛිතව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දැන්විය හැකිය.

අධ්‍යක්ෂ ජනරාල්,
මධ්‍යම පරිසර අධිකාරිය
“පරිසර පියස”
අංක 104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල.

Last Updated on Wednesday, 27 March 2019 03:50

infoactEng

oilP

regpoly

regBio

reo

ReEBwaste

weerawila

peae

5vECKwJD

wastec

Latest News & Events

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
World Wetlands Day – 2019 – Vavuniya District The World Wetlands Day has been celebrated by the Central... Read more
Awareness Program on EPL Procedure for Local Authority Officers The Monaragala District office of the CEA organized an... Read more
Workshop on Conserve and Manage the Kelani River Basin Workshop on ‘Engaging and Empowering Economic Development... Read more